අහිංසකයන්ගේ ලේවලින් ගත් බලය ?

0
253

පහුගිය අවුරුද්දේ කතෝ්ලික පියතුමන්ලා සහ කන්‍යාසොහොයුරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වුන විරෝධතාවයක් කොළඹ තිබුණා.

එදා විරෝධතාවයට බැනර් කිපයකුත් හදල තිබුනා.අහිංසකයන්ගේ ලේවලින් ගත් බලය භුක්ති විදින්න නොලැබේවා කියල තිබුන පාඨය හරිම ප්‍රබලයි.ඉතාමත් වැදගත් සටන් පාඨයක්..

රාජපක්ෂලගේ බලයෙන් පහකරලිම සදහා gota go home යනුවෙන් රටපුරා වු දැවැන්ත ජනඅරගලයක් ඇරඹුනේ රාපක්ෂලා බලයෙන් පහකරලිම සඳහාය.

මේ ජන පෙළගැස්මේ තිරාණාත්මක තැන ලකුණු වු⁣නේ 2022 ජුලි 9 වෙනිදාය.

පියතුමන්ලා අල්ලන් හිටපු මේ බැනර් එකේ ලියවුන ලේ කතාවේ තේරුම පාස්කු ප්‍රහාරය බව පැහැදිලිය.

නමුත් දකුණේ කතෝලික සභාව රාජපක්ෂලා විසින් උතුරේ සහ නැගෙනහිර ජනයාගේ ජිවිත බිලිගනිමින් අත්වල තවරාගත් ලේ ගැන මුනිවත රැක්ක අයුරු ද ඉතා පැහැලිය.

එදා මෙන්ම අදත් දකුණේ කතෝලික සභා නායකත්වය උතුරේ සහ නැගෙනහිර ජනයාට එරෙහිව රාජපක්ෂ පාලනය විසින් සිදුකරන ලද ම්ලේච්ඡත්වයන් ගැන සිටින්නේ මරාන්තික නිහඬබවකිනි.සැබැවින්ම එය ක්‍රිස්තු දහමටද නිගාවකි.

කාර්දිනල් හිමියන්ටත් දැන් ඇත්තේ දකු⁣ණේ කාරණා වලට ආදල ජනප්‍රිය විරෝධයන් පමණක් බව මාධ්‍ය හමුවේ කරන කතාවන් වලදිද ඉතා පැහැදිලිය.

උතුරු නැගෙනහිර ජනතා ප්‍රශ්ණ ගැන දකුණේ වාමාංශික කණ්ඩායම්වල තක්කඩි කම් වලට නොදෙවෙනි තැනකට අද දකුනේ කතෝලික සභාවද පත්ව තිබේ.අතුරුදන්වුවන් ගැන හෝ දේශපාලන සිරකරුවන් ගැන නිහඬ කාර්දිනල් හිමියන් දකුනේ මර්ධනය ඇතුලු බොහෝ කාරණා ගැන මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වමින් සිටි.