කලු ජුලිය ගැන වමේ මාධ්‍ය සංදර්ශණ සහ නාවාලි බෝම්බ ප්‍රහාරය

0
319

කලු ජුලිය සමරා දකුණේ ප්‍රධාන වාමාංශික දේශපාලන කණ්ඩායම් දෙක තරගයට මෙන්ම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටියදි අද මිගමුවේ බාල්දි හංදියට රැස්වු මිගමු පුරවැසි කමිටුවේ සාමාජික සාමාජිකාවන් නාවලි බෝම්බ ප්‍රහාරයට වසර 28යි , කලු ජුලියට වසර 40 යි සහ පාස්කු ප්‍රහාරයට වසර 4 ක් යැයි කියමින් විරෝධතාවයක නියැලි සිටියහ.

දකුණේ වාම කණ්ඩායම් වලට උතුරේ ජනයා පෙළු ප්‍රශ්ණ ගැන නිනව් නැතිවා සේය. මේ නිසාම කලු ජුලිය සමරමින් එකිනෙකා පරයා යන මාධ්‍ය සංදර්ශණ වැඩසටහනකට පිවිසි සිටිති.

සැබැවින්ම මේ අවස්ථාවාදි වාම භාවිතය මේ රටතුල කිසි දිනක පිඩිත පංතියේ එකමුතුවක් නිර්මාණය කිරිමට කිසිවිටකත් මුල පුරන්නේ නැති බව නම් ඉතා පැහැදිලිය.

සැබැවින්ම ඔවුන්ට අවැසිව ඇත්තේ මාධ්‍ය සංදර්ශන මිස ප්‍රතිපත්ති මුලික ප්‍රවේශයක් තුල දමිල බස කතා කරන ජනයාගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනි සිටින්නට නොවේ.