මිගමු නාගරික කොමසාරිස් දේශපාලන ගැත්තෙක්ද?

0
348

මිගමුවට පත්ව ඇති රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු වු දැනට කොන්ත්‍රාත් පදනම යටතේ කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා මිගමුවේ එක්තරා දේශපාලන පවුලක රූකඩයක්ද යන ප්‍රශ්ණය අද මිගමුව දේශපාලන සමාජය තුල නිරන්තර කථා බහට ලක්ව ඇති මාතෘකාවක් වේ.

පළාත් පාලන කාලය අවසන් විමත් සමගින් දැනට ක්‍රියාත්මක කොමසාරිස් පාලනය තුල පසුගිය කාලයේ සියලු ක්‍රියාකාරිත්වයන් එම පවුලට ඕනෑ විදියට සිදුව ඇතැයි යන චෝදනාවක්ද මතුව තිබේ.

අදාල දේශපාලන පවුලට හිතවත්කම් ඇති කොන්ත්‍රාත් කරුවන් කිපදෙනෙකුටම විවිධ වරදාන ලබාදි ඇතැයි යන්න තවත් චෝදනාවකි.

රු 50ක් ලෙසින් වු නගරයේ රථවාහන නවතාතැබිමේදි අය කරන මුදල දැන් රු 100ක්කර තිබේ.ඒ ටෙන්ඩරයේ හිමිකරුද මිගමුවේ දේශපාලකයෙකුගේ සමිපතයෙකු යැයි ද කියැවේ.