වෘත්තියභාවයක් නැති කටාන පොලිසියේ ලොක්කෙකුට චෝදනා?

0
375

කව්රු හරි පොලිසියකට ඇවිත් තමුන්ට පැමිණිල්ලක් දාන්න ඕන කියපුවාම අදාල නිලධාරියා කරන්න ඕනේ ඒකට අවශ්‍ය පහසුකම් සලසලා දෙනඑක.එහෙම නැතුව එහෙම පැමිණිලි දාන්න බැ කියල සද්දේ දාල පොර ටෝක් දෙන එක නෙමේ.

නමුත් කටාන පොලිසියේ සුලු පැමිණිලි අංශේ ලොක්කා ,නම මතක විදියට හේරත් පහුගිය දවසක අතිශය මානුෂික කාරණාවක් ගැන පැමිණිල්ලක් දාන්න ගිය කාන්තාවකට පැමිණිල්ලක් දාන්න ඉඩ දෙන්නේ නැතුව පිස්සන්ට හැතැප්ම නෑ වගේ කියවන්න ගත්තා.

මේ වගේ වෘත්තියභාවයක් නැති ඔලමොට්ටල නිලධාරින් හින්ද තමයි පොලිස් සේවය පිලිබද මහජනයාට තියෙන විශ්වාසය නැති වෙන්නේ.

පස්සේ මේ ලොක්කට තේරෙන භාෂාවෙන් අවශ්‍ය වචන දාල ගැලපෙන රිදම් එකට කාන්තාවත් එක්ක ගිහින් හිටපු මාධ්‍යයටත් සම්බන්ධ පිරිසක් කරුණු පහදල දීල තිබුනා.පස්සේ තමයි එයා සරෙන්ඩර් වුනේ.

ඇත්තටම මේ වගේ හැසිරෙන අය කාගේ හරි ක⁣ටුකාලද කියන සැකය මහජනතාවට හිතෙන සාධාරණ නැද්ද?

මොකද මෙි සිදුවිමේ චුදිතයා එංගලන්තයේ ලන්ඩන් නුවර ඉන්න කැමියොන් අංකල් කෙනෙක්.

ඉතින් කව්ද දන්නේ සැලකුවද කියල.

මේ වගේ දෙකයි පනහෙ නිලධාරින් ගැන මිගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රධානින් හොයල බලන්න ඕනා.

මේ පුවතට පසුබිම් වන සිදුවිම වුනේ පහුගිය ජුලි මාසේ මුල සතියේ විතර.

මේ පුවතට සම්බන්ධ අතිශය මානුෂිය කාරණය ගැන සුලු පැමිණිලි අංශයේ ලොක්කාට මේ චෝදනාවෙන් නම් ගැලවෙන්න බැ විතරක් නෙමේ කටාන පොලිසියේ ප්‍රධානියාගේ භුමිකාවත් ඇත්තටම ගැටලු සහගතයි කියන චෝදනාවත් දැන් එල්ල වෙලා.

මේ වගේ හැසිරීම් හින්ද තමයි මිනිසුන්ට නිතිය අතට ගන්න හිතෙන්නේ.