ගාමිණීගේ “මාරයා මාරයි ” ගැන නෙවිල් කියන කථාව …

0
583
ලාංකීය නාට්ය කලාව පෝෂණයට මීගමුවෙන් බිහිවූ වූ නාට්ය අතරේ නෙවිල් ගාමිණීගේ “මාරයා මාරයි” වේදිකා නාට්යය ජීවිතය පිළිබඳ අර්ථවත් රසවත් නිර්මාණාත්මක සිද්ධි දාමයක් මවාපාන නාට්යයකි.
තිස්තුන්කෝටියක් දෙවිවරු වෙසෙනා දේශයක පීඩිත ජනයාගේ අඳෝනාව තුළින් මතු වන්නට වෙර දරන තාරුන්යය යටපත් කරන්නට වෙර දරනා පාලකයාගේ උත්සහය නාට්යය සන්දර්භය තුළ ගැබ්ව ඇත.374773059 159697807168259 7590494881085037846 n
මිනිසා තම බලය ආගමට පවරා යටත්ව, නිර්මාණ ශක්තිය, තර්කනය, බුද්ධිය,මෝට කරගෙන පවතින තත්ත්වයෙන් පැවතීමට පෙළඹෙන ආකාරයත්, ධනපති පන්තියේ හා පාලකයාගේ හස්තයට ගොදුරුවන ආකාරයත්, මතු කරගන්නට උත්සාහ දරා තිබුණි.
රූපණය රංගනය මුල්කරගත් නෙවිල් ගාමිණී ගේ “මායා මාරයි” නාට්යයේ සුවිශේෂී පසුතලයක විශිෂ්ට රංගනයක යෙදෙනා රෝමියෝ ප්රනාන්දු මංගල ඩයස් සමාලි සිල්වා තම රංගන කුසලතා මැනවින් පරිශීලනය කර තිබීම ප්රශංසනීයයි.
සංගීතය හා ආලෝකය නාට්යමය අවස්ථා තිව්ර කර දැක්වීමටත්, රංග වස්ත්ර හා අංග රචනය චරිත උද්දීපනය කෙරෙහි තව තවත් යොදාගන්තේ නම් මැනවි.
නිෂ්පාදන කළමනාකරණය ඇතැම් දුර්වලතා මගහරවාගෙන නුදුරේ දී ජන නාට්යකින් සම්මාන පිට සම්මාන ලබා ගන්නට වරම් වාසනා….
ජයම වේවා!
මං නෙවිල් ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here