කටුනායක ගුවන් තොටුපළේ ටැක්සි මාෆියාව..?

0
156

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ලංකාවට එන ඕනෑම කෙනෙකුට දැන් පැමිණීමේ පර්‍යන්තයෙන් Uber සහ PickMe ටැක්සි ලබාගත හැකියි.

මෙය ඉතා ම වැදගත් තීරණයක්. කාලයක් තිස්සේ දේශපාලන අනුග්‍රහය ලබමින් පාරිභෝගිකයන් ගසා කන ටැක්සි මාෆියාවක් ගුවන් තොටුපළ පරිශ්‍රය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණා.

මේ අලුත් තීරණය හරියට ක්‍රියාත්මක වුණොත් ඒ මාෆියාව සෑහෙන දුරට අවසන් වෙනවා.

මේ විදියට ම කොළඹින් පිටත ප්‍රධාන නගරවල තියෙන මැර ත්‍රීවිල්/ ටැක්සි මාෆියාව ඉවර කළ යුතුයි.

ඒක කරන්න පුළුවන් මේ ක්‍රමයට ම පමණයි. Uber, PickMe වැනි app භාවිත කරන රියදුරන්ට බාධාවකින් තොරව ඕනෑම තැනක සිට මගීන් ප්‍රවාහනය කරන්න ඉඩ සැලසිය යුතුයි. එයට බාධා කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

මහනුවර දුම්රිය ස්ථානය, ඇල්ල වගේ තැන් පාරිභෝගිකයන්, සංචාරකයන් ගසා කන මැර ත්‍රීවිල්/ටැක්සි මාෆියාවේ ගොදුරු බවට පත්ව තිබෙනවා.

මේ සියල්ල සුද්ද කොට සංචාරකයෙකුට, පුරවැසියෙකුට නිදහසේ සහ කරදරයකින් තොරව ඕනෑම තැනක යන්න පුළුවන් රටක් නිර්මාණය කළ යුතුයි.

දැඩි තීරණ නොගෙන මේ චණ්ඩින් මෙල්ල කරන්නට බැහැ.

(රසික ජයකොඩිගේ ෆේස්බුක් පිටුවෙනි_)