“කුඩු ජාවාරම”ගැන කියන්න වැල්ලවිදියේ ගම්වාසින් පොලිසි යති.

0
744

වැල්ලවිදියේ සා.සෙබස්තියන් දේවස්ථානය පිටුපස වෙසෙන ගම්වාසින් අද මිගමුව පොලිසිය වෙත ගොස් තිබුනේ තම ධිවර ප්‍රජාවේ දරුවන්ව පවා බිලිගනිමින් ඇති කුඩු ජාවාරම ගැන කරුණු කිමටය.

මාධ්‍ය හමුවේ ගම්වාසින් කියා සිටියේ කුඩා දරුවන්ට පවා කුඩු විකුණන තත්වයක් දැන් ගමේ නිර්මාණය වි ඇති බවය.

එපමණක් නොව ගමේ කාන්තාවන් මෙයට එරෙහි හඬ නගද්දි ඒ අයටද පහර දිමට තරම් මේ කුඩු ජාවාරම්කරුවන් දැන් කටයුතු කරමින් සිටිති.

මේ වසංගත තත්වයෙන් වි⁣ශේෂයෙන්ම තමන්⁣ගේ දරුවන්ගේ අනාගතය රැක ගැනිමට ඔවුනට සහය වන ලෙස ගම්වාසිහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිති.