මාල කඩන හොරු දෙන්නා ඇල්ලු ත්‍රිවිලරය..

0
175

මාල කඩන හොරු දැන් හැම තැනම . ඒක තමයි මීගමුවේත් අනික් ප්‍රදේශ වලටත් පැතිරිලා යන විකසිත අනාගතය.
පසුගිය දවසක මාලයක් බැදගත්තු කාන්තාවක් ආවා මීගමුවේ විදුලි බල මණ්ඩලයට ලයිට් බිල ගෙවන්න . ඒ කටයුතු නිම කරගෙන ආයේ ගෙදර යන්න පාරට එනකොටම එක පාරට යතුරු පැදියකින් ආපු දෙන්නෙක් මේ ගැණු කෙනාගේ මාෙල කඩාගෙන යතුරුපැදියෙන්ම ලයිට් මෝල හංදිය පැත්තට වේගයෙන් ඉඟිල්ලුනා.
මේ සිදුවිම ඈත තියාම දැකපු ත්‍රිවිලරකින් පැමිණි අයෙක් මේ වේගයෙන් එන යතුරු පැදියට යන්න බැරිවෙන විදියට පාර හරහා දැම්මා.යතුරු පැදිය ත්‍රිවිල් එකේ හැපිලා බිමට පෙරළුණා.
හොරු දෙන්නම පැනල දුවන්න ගත්ත.උන්ගේ පස්සේ එලවල යන්තම් එකෙක්ව අල්ලගත්ත.
අර ගෑණු කෙනාට හොරාගාව තිබිල මාලෙත් හම්බවුණා.
පොලිසියට කථා කරල හොරාවත් භාර දුන්නා.මේ හොරුන්ව අල්ලගන්න ඒ කැපකිරිම කරපු ත්‍රිරෝද රථ රියදුරාට කප්පරකට පැසසුම් .ඩැමේජ් වෙච්ච ත්‍රිවිල් එකත් හදල දෙන්න තමයි රැස්වුන ජනතාවගේ උනන්දුව.
ඒත් මේ ඔක්කොම ටික වේලාවකින් ඉවර වුණා.ඉස්සරහ මූණත හොදටම ඩැමේජ් වුණ ත්‍රිවිලරය එයාෙග් සහෝදරයෙක් ඇවිත් අරන් ගියා.
පස්සේ රක්ෂණයෙන් පාස් වුන මුදලකින් යන්තම් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ.
බේරාදුන්න මාලේ වටිනාකම රු 75000 ක්විතර වෙනවා කියල තමයි ඒකේ අයිතිකාර නෝනා කියල තිබුනේ.
මේ පින් අතේ වැඩේට අවදානමක් අරන් කටයුතු කරපු කෙනා අපේ ඉතාම සමිප හිතවතෙක් ඒ විතරක් නෙමෙයි අපේ වෙබ් අඩවියට නිතරම පුවත් දෙන පුරවැසි මාධ්‍ය සගයෙක්.
අපිට ඔයා ගැන  ආඩම්බරයි බර්ටි…..