විදීයේ මනුෂ්‍ය අරගලය නැවතී අදට අවුරුදු 14 යි —=====

0
235

ගාමිණී හත්තොට්ටුවේගම (1939-11-29/2009-10-30)

කලාව කා උදෙසාදැයි නිසරු විවාද යන්ගෙන් කාලය කා දැමූ යුගයක් විය.ඒ පොදු මහජනයාට දුරවබෝධ මනසිකාර වැපිරීමක් විය. කලාව උදෙසා පූජාසන තනා කලාව පූජනීයත්වය පත්කළ යුගයක් විය.කලා පූජකයෝ පහළ වූ අතර, පොදු මහජනයා ඒ කලා පූජකයන්ට පුද පෙළහර පෑවෝ ය.ඒ යුග අවසන බැස ගිය රළක් සේ, හිස් වෙරළ ඉතිරි විය. එනයින් මහජනයාට කලාව වනාහී අත්‍යාවශය මිනිස් ක්‍රියාකාරකමක් නොව, “ඇත්තො කා බී සුඛා – තෙල ට කෙළින තවත් කෙළක්“ පමණක් විය. නැත්තන්ට කලා “සුත්ත පටවල්“ ද බිහි විය.

මෙරට කලා කරුවෝ උනිනම් මහජන ඇස් වසා පාලක පරිපාලක තන්ත්‍රයට මෙතරම් විනාශයක් කළ හැකි ද ? නොහැකිමය.කළත් මෙතරම් සරලව සුමටව මේ ගමන එන්නට උන්ට නොහැකිය.

මහපාරේ මරා දැමූ මිනිස්සුන් ගැන හෘද සාක්ෂීයක් නැති රටක, මහ පාරේ කලාව කළ මිනිහෙක් ගැන හෘද සාක්ෂීයක් වෙත්ද? ඒ මිනිසාට තිබූ හෘද සාක්ෂීය මිනිසුන් වෙනුවෙන් වින්ඳ වේඳනාව අවසාන සසැලුම තෙක් ඒ හද දරන්නට ඇතිවාට සැක නැත.පෙරත් වරක් කියූ ලෙසට සංස්කෘතික පරිණාමයක් සහිත රටක උපන්නානම්,ලෝක පූජිත වන්නටත් ෂේක්ස්පියර්ට පසු ෂේක්ෂපියර් වන්නටත් සකල විධ ශඛ්‍යතා අරා දරා සිටි “හතා“ට මේ කොදෙව්ව නැමති ලොට තන පුඩුව අත හරින්නට බැරි හෘද සාක්ෂියක් තිබිණි.

ඉංග්‍රීසි අංශයට වී නාමධාරී ව වැජඹෙන්නට බැරි උපන්ගෙයි දොසක් තිබිණි.

ඉතින් අවසන, මහමඟ හැලූ දහදිය කඳුළින් ගොඩ නෑගූ මනුෂ්‍ය රිද්මය අදටත් ගසා කන ගෝල බාලයන් බාලියන් හැර, මේ “මිනිසා“ සමාජයට ඉතිරි කළේ කුමක්ද?

ඕනෑම ආකාරයක “මානුෂික කැපවීම්“ පිළිබද අවිශ්වාසය පමණි.

(© ගාමිණී ඒකනායකගේ ෆේස්බුක් බුක්පිටුවෙනි)