කමෝන් ජයවීර කමොන්….

0
54

මීගමු ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ගේ වැරදි හෙළිකරන කිසිදු යෝජනාවක් මහනගර සභා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිිමට  ඇන්ටනි ජයවීර නගරාධිපතිවරයා  ඉඩ දුන්නේ නැත.
නහුතයක් හොරමගඩි වලින් සමන්විත වු රාජපක්ෂ පාක් එක ගැන මෙන්ම  වෙළෙන්දන් මෙන්ම  දුම්රිය දෙපාර්තමේන්තුවටද  බොරු කියා රවටා මුදල් ගත් දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම ගැන යොජ්නාවට පවා කෙනහිලි කම් කරමින් හාම්පුතුන් රකින්නට කටයුතු කළ නගරාධිපතිවරයා නගර සභාවට අදායම් ලැබිමට යැයි කියා රු ලක්ෂ 400 ක වියදමින් මීගමුවේ  කොටුවපිට්ටනියේ ඉදිකර ඇති මාළු ලෙල්ලම ගැනද නිරන්තරයෙන්ම මුනිවත රැක්කේය.
එහෙත් පුදුුමයකට මෙන් හෙට පැවැත්වෙන මහසභා න්‍යාය පත්‍රය සදහා හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සදහා ඉඩ ලබා දි ඇත.
ඉන් මතුකර ඇත්තේ මෙම ලෙල්ලමෙන් කිසිදු ආදායමක් නගරසභාවට නොලැබිම පිළිබදවය එමෙන්ම විවිධ ආකාරයෙන් සිදුකෙරෙන කප්පම් ගැනිම් ගැනද එහි සදහන්ය.
මෙම යෝජනාව න්‍යායය පත්‍රයට අතුලත් කිරිමට ඉඩ දිමෙන් පෙනෙන්නේ ලංසා ජයවීර දීගය අවසන් වන ලකුණුය.ඊට හේතුව වන්නේ  වැල්ලක් අයිති ලොකේ එකම පල්ලිය විය හැකි වැල්ලවිදිය පල්ලිය විසින් වසර 5 කට මේ මාළු වෙළද පොළ බදුදි ඇත්තේ ඇමැති නිමල් ලංසාගේ පියා හට විමය.