බෝතල් කටුවකින් අනින්ට පොලිස් නිළධාරීන් පසුපස හඹා ගිය සැකකරු අධිකරණය හමුවට

0
95

මී.මුව නගරයේ සාන්ත ජෝශප් වීදියේ පිහිටි දුමිරිය ගේට්ටුව අසල දී ( කලාදූව හංදිය පසුගිය ජුනි 22 වැනි දින රාජකාරියේ යෙදී සිටි මීගමුව පොලීසියේ ”‍ පොලිස් නිළධාරීන් දෙ දෙනෙකුට මීගමුව ‍ දෙහිමල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බෝතලයක් කඩා  එම බෝතල් කටුවෙන් පහර දීමට තැත් කිරීම හේතුවෙන් එම පොලිස් නිළධාරීන් දෙදෙනා දුව ගොස් තිබේ.
‘‘ කෝ  තොපේ  තිසේරා ’’ යනුවෙන් කෑගසමින් මෙම පුද්ගලයා එම පොලිස් නිලධාරීන් දෙදෙනා පිටුපස හඹා  ගොස් ඔවුනට පහර දීමට තැත් කර ඇති අතර එම  පොලිස්  නිළධාරීන්‍ෙග්  ආරක්ෂිත හිස් වැසුම්ද පොළොවේ ගසා  ඇත. අදාළ පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මීගමුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේද සහයෝෙයෙන් මේ සැකකරුවා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ. පසුගිය ජුනි 28 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පමුනුවනු  ලැබූ මෙම සැකකරුට එහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්  ඒ.එම්.එන්.පී අමරසිංහ මහතා විසින් රුපියල් 500 ක මුදල්  ඇපයක් සහ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.   මෙහි වැඩි දුර නඩු විභාගය ලබන සැප්තැම්බර් 14 වැනි දිනට කල් තිබිණි.