කාමර අස්සට cctv බෑ-Airbnb සමාගම කියයි.

0
370

4b5ec61f 6ee0 432d 8e99 0672e9e21613

ලොව පුරා සංචාරකයන් සඳහා කුලී පදනමට නිවාස ලබාදීමේ Airbnb සේවාවට එක් වන නිවෙස් හිමියන්ට තමන් කුලියට දෙන දේපළ තුළ ආරක්ෂක කැමරා (CCTV) සවි කිරීම තහනම් කෙරෙන බව Airbnb Inc. සමාගම පවසයි.

ඒ අනුව ලබන මාසය අවසානයේ සිට මෙම වෙනස්කම සිය සමාගමේ ප්‍රතිපත්තිය වෙත එකතු කිරීමට සමාගම අදහස් කර ගෙන සිටියි.

මෙවැනි ආරක්ෂිත කැමරා හරහා එම නිවාස කුලියට ගන්නා අමුත්තන්ගේ පෞද්ගලිකත්වය වෙත එල්ල වන බලපෑම සලකා බලමින් මෙම තීරණය ගත් බව සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම මෙලෙස Airbnb සමගින් එක්ව කුලියට ලබාදෙන නිවෙස් අභ්‍යන්තරයේ සවි කර තිබෙන ආරක්ෂක කැමරා සම්බන්ධයෙන් සංචාරකයන්ගෙන් බොහෝ චෝදනා එල්ල වූ බව පැවසෙයි.

ලොව සංචාරකයන්ට අන්තර්ජාලය හරහා තමන් කැමති රටක පිහිටි මෙම කාමර හෝ නිවාස කුලියට ගැනීමේ අවස්ථාව පවතී. ඒ සඳහා එවැනි දේපළ හිමි පිරිස් Airbnb හි ලියාපදිංචි වී සිටිය යුතුය.

අද වනවිට ශ්‍රී ලංකාව තුළත් අමතර දේපළ හිමි පිරිස් සිය නිවාස සහ කාමර මෙම Airbnb සමගින් ලියාපදිංචි කර සංචාරකයන් වෙත ලබාදීමේ යෙදී සිටියි. අන්තර්ජාලය හරහා මෙම කාමර හෝ නිවාස වෙන් කරවා ගැනීමේ හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here