මීගමුව නගරාධිපතිෙග් තනතුරත් , ජිවිතයත් අනතුරේ.???

0
88

ඇන්ටනි ජයවීර යනු මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල සිටින ජේෂ්ඨයෙකි. ඔහුගේ දේශපාලන ජිවිතය වසර 35 කටත් වඩා පැරණිය.  පසුගිය මැතිවරණයෙන් පසු නගරාධිපතිවරයෙක් පත්කරගැනිම පිළිබදව  පැවැති අර්බුදකාරි වාතාවරණය තුල එය කළමණාකරණය කරගැනිම වෙනුවෙන් වු හොදම තේරිම ලෙසින් ජයවිර මන්ත්‍රිවරයා නගරාධිපතිධුරයට පත්කරනු ලබන්නේ  අමාත්‍ය නිමල් ලංසා  විසින්මය.
සිය දිගුකාලින ෙද්ශපාලන සැලැස්ම වෙනුවෙන් අඩියක් පස්සට ගත් ඇමති නිමල් ලංසා සිය සොහොයුරා කෙසේ හෝ නගරාධිපතිධූරයේ පිහිටුවිමේ සැලැසුම කල්දමාගත්තේය.
ඇන්ටනි ජයවීර නගරාධිපතිධුරයට පත්විය.   ඔහු සිය මංගල කථාවේදි තමන්ගේ දේශපාලන ගුරුවරයා ලෙසින් සලකන්නේ  ඇමති නිමල් ලංසා බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.
ඒ අනුව ඇමැති නිමල් ලංසා තවදුරටත් මීගමු නගර සභාව හසුරුවන නොපෙනෙන දේශපාලන හස්තය විය.
මේ නිසා ඇන්ටනි ජයවිරට සිය දේශපාලන පරිචය සිය ධුරය සදහා අයෝජනය කරන්නට ලැබුන ඉඩක් නැති තරම් විය.
නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් මෙන්ම මීගමුව නගර පාලනය තුල දේශපාලන අධිකාරියේ ප්‍රධානියා ද වු ඇන්ටන් ජයවීර සිය ධුර කාලයෙන් වසර එකාමාරකට පසු අර්බුදයේ උච්චම අවස්ථාවට දැන් සේන්දු වෙමින් සිටි.
ආණ්ඩු පක්ෂයේ බලධාරින් අර්බුදයට යවන යෝජනා මහසභා න්‍යාපත්‍රයට ඇතුළු නොකිරිමට දිගින් දිගටම කටයුතු කළ නගරාධිපතිවරයා එක්තරා හැරවුම් ලක්ෂයකදි සිය තිරණය වෙනස් කරමින් මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාළු ලෙල්ලමේ අයිතිය සහ පාලනය පිළිබදව විමසමින් එජාපයේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත විසින් ගෙන ආ යෝජනාව  මහසභා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට තින්දු ගැනිම මීගමුව නගර සභා දේශපාලනය තුල මෙතෙක් ක්‍රියාත්මකව පැවති ශිතල යුධ තත්වය හමාර වෙමින් ගැටුම කළඑලියට ගෙනඒම දක්වා වර්ධනය වි ඇත.
ඇමති නිමල් ලංසා හිතන්නේ පළාත් පාලන නිතියට අනුව නොවේ . ඔහු දැන් පුරුදු වි සිටින්නේ තමන්ෙග් කැමැත්ත පළාත් පාලන නිතිය යැයි කියාය. මේ දහම මීගමුව තුල ක්‍රියාත්මක කරමින් සිටි ඇන්ටනි ජයවීර දැන් ඒ සංස්කෘතියේම සිරකරුවෙක් බවට පත්විය.
මේ අනුව පළාත් පාලන නිතියට අනුව විපක්ෂයට පැහැදිලි කරගැනිම සදහා කරුණු විමසා අසන යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළු කිරිම ම වරදක් ලෙසින් නිගමනයට ගිය ඇමති නිමල් ලංසා මේ යෝජනාව පැරදවිම සදහා ආණ්ඩු පක්ෂය තුල මෙන්ම විපක්ෂය තුලද දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.ඒ අනුව විපක්ෂයෙන්ද මන්ත්‍රිවරුන් 5 දෙනෙකු තමන්ගේ පැත්තට ගන්නට තරම් ඇමතිවරයා දක්ෂ වු අතර ඒ 5  දෙනා තමන් පත්කළ ජනයාට පස්ස පැත්ත හරවමින් චීත්ත කෑලි බවට පත්වු බව මීගමුවේ දේශපාලන ඉතිහාසයේ සටහන් තබනු වස් පළමු කොට අප එය සයිබර් අවකාශය තුල මෙසේ සටහන් තබන්නේ එය විනාශ කළ නොහැකි නිසාෙවනි.
පසුගිය මැයි 9 වනදා මහසභාවේ දි මෙය සාකච්ජාවට ගැනේ.
දිර්ඝ කරුණු දැක්විමක නිරත වු හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා මීගමුවේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් විමසා සිටියේ නගර සභාව හා ගිවිසුම් ගසා රු  ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකරන ලද මාළු වෙළද පොලේ ප්‍රතිලාභය ලබන්නේ කව්රුන්ද යනුවෙනි.අපට ප්‍රතිලාහ නොලැබෙන්නේ නම් එය නඩත්තු කිරිම වෙනුෙවන් බදුගෙවන ජනයාගේ මුදල් වැය කරන්නේ ඇයිද යනුවෙනි.
විපක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙසින් මෙවන් ප්‍රශ්ණ කිරිමක් කිරිමට ඉල්ලා සිටියදි එය වැලකිය යුතු යැයි සිතන්නේ ඇයි?
මෙයට පිළිතුරු දිම සදහා ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකු ඉදිරිපත්ව සිටියේ නැත. ඉන් කියැවෙන්නේ ඒ සියල්ලන්ටද මේ මාළු වෙළද පොල මහනගර සභාව පාලනය යටතට ගත යුතුයැයි කියාද?
මේ අතර යෝජනා ස්ථිරත්වයකින් තොරව ඊළග යෝජනාවටද  මාරු විය. ඒ සම්ප්‍රදාය ප්‍රකාරව නම් එකි යෝජනාව සම්මත විය.
එහෙත් පසුව ඉදිරිපත් වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කැකෝ ගසා සියලු්ල අවසන් කරගත්තේ නිති විරෝධි ලෙසින් මේ යෝජනාව පරාජය කරමිනි.
ඉන් අනතුරුව එළඹි තත්වය මත  ඇන්ටනි ජයවීර ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරිම ඇරඹි ඇතැයි වාර්ථා වේ
.මේ අනුව අද ඔහුගේ තතතුරත් ජිවිතයත් දෙකම බරපතල අර්බුදයක ට යවන්නට තත්වයන් දැන් නිර්මාණය වෙමින් තිබේ.
කොළොන්නාෙව්දි සිදුවුයේ ශ්‍රිලනිපය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ පැරණි පක්ෂ ක්‍රියාධරයෙකු පැරචුට් ක්‍රමයෙන් පාත්වු අයෙකු අතින් දේශපාලනයෙන් මෙන්ම ජිවිතයෙන්ද ඉවත්කරදැමිමයි.
මීගමුව තුලද ඉදිරියේදි එවන් තත්වයක් දක්වා පසුබිම වර්ධනය විය නොහැකි යැයි පැවසිය හැක්කේ කාටද ??
බලඅරගලය වෙනුවෙන් වු මේ භූමියේ ලෑල්ලේ ඉත්තන් කැපෙන්නේ ජනතාවට ඇති වාසිය මත නොව දේශපාලකයන්ට ඇතිවිය හැකි අවාසි මතය.
මහරජ්ජුරුවන්ගේ කොන්ඩම් තියරිය මීගමුවේදි ක්‍රියාත්මක විමට නියමිත බැව් පෙනේ…???