වාහන වල ලෙඩ ටක්කෙටම කියන මීගමුවේ අපේ  “කාර් දොස්තර”..

0
439

ඇගපත ලෙඩවුනාම අපි යන්නේ දොස්තර කෙනෙක් ලගට.ලෙඩවෙන්න හේතුව හරියට හොයාගන්න එක තමයි දොස්තරගේ හැබෑම රාජකාරිය.ඒ අනුව තමයි හරිනම් බේත් කරන්න ඕනා.

හේතුව හොයාගන්නේ නැතුවත් බේත් දෙන්න පුලුවන් .එහෙම ඕන තරම් දෙන අයත් ඉන්නවා.

img 20240506 120911 copy 600x4504348600683286046788
img 20240506 120445 copy 600x4506642888364120929991
img 20240506 120915 copy 600x4501451116901714970615

නමුත් වැඩේ කියන්නේ හරියටම ලෙඩේ හොයිගන්න මහන්සි ගන්න එක.

දොස්තරට මේකට උදව්වෙන්න විවිධ තාක්ෂණික ක්‍රම දැන් ඕනතරම් .

අපි දොස්තර කියල නොකිව්වට වාහන වල ලෙඩේ හරියටම කියන්න පුලුවන් ගැරේජ් බාස්ල කියන්නෙත් දොස්තරල වගේ තමයි.හැබැයි වැඩේ කියන්නේ වාහන වල ලෙඩ හොයන කාර් දොස්තරලට ඒකට උදව්වට තියෙන්නේ හරිම සිමිත තාක්ෂණික මෙලවම් කිපයක් විතරයි.

දොස්තර ක⁣රේ දාගෙන ඉන්න දොස්තර නලාව නැතිවුනාටම සමහර ගැරේජ් බාස්ල සේලයින් බටයක් වගේ එකක් යොදාගෙන ඒක ඉන්ජිමේ තැන් තැන්වලට තියල ඒ එි තැන්වලින් එන හඬවල් නිවරදිව කියවලා වාහනේ ලෙඩේ අනුමාන කරනවා .ඉතින් මෙයාලත් දොස්තරල වගේ නෙමේද?

මිගමුවේ එහෙම දස්සකම් තියෙන කිප දෙනෙක්ම ඉන්නව.අපි දන්නේ අපේ අයගේ වාහන හදන සුපිරි චරිතයක් ගැන තමයි.මෙ

මෙයාගේ ගැරේජ් එක තියෙන්නේ කඩොල් කැලේ පල්ලිය ලග.දැන් අවුරුදු ගානක් තිස්සේ එයා එතන තමයි වාහන හදන්නේ.

අනේ කාටවත් කරදරයක් නැති මේ හාදය  වාහන හදාගන්න එන අයට දෙයියෙක්.මොකද දුර ගමනක් යන්න කලින් ඇවිත් වාහනේ අඩුපාඩු මොනවද කියල දැනගන්න අය ගොඩක් ඉන්නව.බය නැතුව ගිහින් එන්න කියල මෙයා කිව්වොත් හිතට බුදු පිට්.ගමන බය නැතුව ගිහින් එන්න පුලුවන්.හැබැයි බ⁣රපතල  ලෙඩක් තියෙනවනම් ඒක හදල කරල තමයි ගමන යන්න කියල උපදෙස් දෙන්නේ .හැබැයි බොරුවට බයකරන්නෙත් නැ.

කාටවත් කරදරයක් නැතුව දැන් මේ ස්ථානයේ අවුරුදු 30කට ආසන්න කාලයක් මේ ගැරේජ් එක කරගෙන යනවා.

අපට නම් මෙයා වාහන  දොස්තර කෙනෙක්ම තමයි.

එයාගේ  නම රාජා .සුපිරි වැඩ්ඩෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here