වෛද්‍ය ඉන්ද්‍රජිත් ලගට චමිලා ඝාතන සැකකාර සුදර්ශන ගියේ ඇයි .????

0
170
ආරෝග්‍යා මෙඩිකල් හි බෙහෙත් තුන්ඩුව
ආරෝග්‍යා මෙඩිකල් හි බෙහෙත් තුන්ඩුව

chamila 5

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කෙරුණ මොනරාගල පදිංචි චමිලා දිසානායක නඩුව  මේ දිනවල මීගමුව මහාධිකරණයේදි ඇසේ.වසර 5 කටත් වැඩි කාලයක් ගොස් ඇති මේ නඩුවේ තින්දුව ළඟදිම ලැබෙන්නට නියමිතය.
මේ නඩුවේ සාක්ෂි විමසිම පිළිබදව පැවති මැයි 13 නඩු විභාගයේදි සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ යළිත් මැයි 21 දක්වා බන්ධනාගාර ගත කරන ලදි.
මේ නඩුවේ සාක්ෂි විමසිම ආරම්භ විමත් සමගින්ම සැකකාර වෛද්‍යවරයා යළිත් බන්ධනාගාර ගත කෙරුණි.
බන්ධනගාරයේ සේවය කරන වෛද්‍යවරයා යනු සුදර්ශන බාලගේ වෙනුවෙන් සිය වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන තරමේ මෙහෙයුමක් දියත් කළ හොඳම ගජයාය.
ඔහු විසින් කුරණ පවත්වාගෙන ගිය ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානය භාර දි තිබුනේ එකල ඇප ලබා සිටි සුදර්ශන බාලගේ හටය.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වි නැති සුදර්ශන බාලගේට එසේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කිරිමට නිතියෙන් ඉඩක් නැති බව හොදින්ම දන්නා වෛද්‍ය ඉන්ද්‍රජිත් තමන්ගේ නමින් වු සිල් තබා බාලගේ විසින් අත්සන් කර බෙහෙත් තුණ්ඩු නිකුත් කරමින් වසර ගණනාවක් මේ මගඩිය කුරණ වෛද්‍ය මධ්‍යස්ථානයේදි සිදු කලේය.
එපමණක් නොව සුදර්ශන බලාගේ රජයේ ලියාපංචි වෛ්‍යවරයෙක් යැයි පෙන්විමට ව්‍යාජ ලියාපදිංචි අංකයක්ද එහි ලිපි ශිර්ෂවල යොදා තිබුණි.
මේ සියළු නීති විරෝධි ක්‍රියාකරම් ඉහලින් අනුමත කරමින් ඒවාට ඉඩ ලබාදුන් වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු ප්‍රධාන නිළධාරියෙක්ද වෙයි.එමෙන්ම මේ ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ සංගමයේදි නිළධාරියෙකි.
මේ සියළු තනතුරු මැද සිය වෘත්තිය ජිවිතයේ සිදුකළ හැකි බරපතලම වැරැද්දක් වු රෝගින්ට බෙහෙත් කිරිමට නිත්‍යාණුකූල අයිතියක් නැති අයෙක්ට සිය ඩිස්පැන්සරිය භාර දුන් වෛද්‍ය ඉන්ද්‍රජිත් බන්ධනාගාරය තුලදි සිය ගෝලයා වු සුදර්ශන බාලගේ සිරකුඩුවේ නොතබා බන්ධනාගාර රෝහලේ තබාගැනිමට දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුන බව වාර්ථා වේ.
මේ සදහා ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාව නම්මා ගැනිමටද වෛද්‍ය ඉන්ජිත් සමත්ව ඇත.
සුදර්ශන බාලගේ හිරගෙදර ඉන්න කාල සිමාව තුල එහි සිරකරුවන්ට බේත් දිමට යොදාගැනිමට වෛද්‍ය ඉන්ද්‍රජිත් කල්පනා කරනවා විය යුතුය.