සැබෑ සාමයක් නොමැති බිමක යුද සැමරුම් ?

0
271

දුක මහමෙරක් බවට කිසිවෙකු පම්පෝරි නොගැසුවද එය මහරෙක්බව දුකෙහි අයිතිකරුවා දනියි.
මේ රටේ යුද්ධයෙන් දහස් ගණන් දරුවන් අහිමි වූ, ස්වාමියන්,නැ හිතමිතුරන් අහිමිවූ හඳවත් කිසිඳා සැනසිය නොහැකි අඳුරු ,අගාධ,වේදනා හදවත් තුළ තබාගෙන මියයන තෙක්ම ජීවත් වෙන බවට කිසිවෙකුත් උස්හඩින් කතා නොකරති.
කිසිම දවසක නැවත නොඑන ඒ මළවුන් සදහටම වේදනාවක් මිස සතුටක් ගෙන ඒද?
ඔවුන් මරාදැමූ නිසාම,ඔවුන් අතුරුදහන් කළ නිසාම ඒ මළවුන් හදවත් වලට බරකි.
යුද්ධය අවසානයේ ජීවත්වෙන දස දහසක් ජනතාවක් හදවතින් මියැදෙමින් ජීවිත්වෙන කොටසක් බවට පත් කළෙහිය.
අවසානයේ ඉතිරිය වේදනාබර මතකය පමණකි.
පහත ඡායාරූපයේ සිටින්නේ අද පෙරවරුවේ මුල්ලිවයික්කාල් භූමියේ සිට යුද්ධයෙන් මියගිය අය  සිහිකරන දහසක් දෙනා අතර සිටින මවකි.
සෑම වසරකම ඇයගේ කඳුළු මෙ භුමියේ දියවි යනු ඇත. ඒ වගේම ඇගේ හදවතේ ප්‍රාර්තනාවක් ද දිලෙනු ඇති. ඒ, කවදා හෝ දිනක සාමකාමි රටක ජිවත්වන, තමන්ගේ දරුවන් යුද්ධය විසින් උඳුරා නොගන්නා දිනයක් පිළිබඳ ප්‍රාර්ථනාව විය හැක.

මුල්ලිවයික්කාල් 2024/05/18 ඡායාරූප – ෂන්මුගම් තවසිලන්