සජින්වාස් පිට රටට. රථයේ හැපුන යුවල ආසාධ්‍ය තත්වයෙන් රෝහලට..

0
74

NGB hospitalජනාධිපතිගේ විදේශ කටයුතු පිළිබද විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් මහතා  සිංගප්පුරුව බලා යාමට නියමිතව තිබුනද කිසියම් හේතුවක් නිසා සිදුව තිබුන පමාව වලක්වාගැනිම සදහා සීදූවෙන් පැමිණ බේස්ලයින් පාර හරහා ගුවන් තොටුපලට දෙසට එමින් සිටියදි   නිදහස් වෙළද කලාප පැත්තේ සිට සීදුවට යතුරුපැදියකින් යමින් සිටි යුවලක් හප්පා දමා ඇතැයි වාර්ථා වුණි.
මේ එක් පෙරගමන් රථයක් වේගයෙන් පැමිණ නිදහස් වෙළද කලාපය දෙසට ගමන් ගත් රථයක් ඉස්සර කිරිමට යාමේදි ඉතා සෙමින් නිවරදි තීරුවේ පැමිණි යුවලක් මෙසේ අනතුරට පත්කර ඇත.
පළමුව නිදහස් වෙළද කලාපයේ වෛද්‍ය මධ්‍යස්ථානයටත් පසුව මීගමුව රෝහලටත් මාරුකර ඒවා තිබුන අතර මේ අනතුර නිසා ස්වාමිපුරුෂයාගේ වකුගඩුවට බරපතල ලෙස හානි සිදුව තිබුන නිසා එදිනම සිදුකළ ශළ්‍යකර්මයකින් වකුගඩුව ඉවත්කර දමා ඇත.
බිරිදගේ දකුණ  අත බිදි ගොස් ඇති අතර ඇයද ශළ්‍යකර්මයකට භාජනය කර තිබුණි.
තහවුරු නොකළ වාර්ථා හෙළිකර සිටින්නේ මෙම මාරාන්තික අනතුරු සිදුකළ ඩිපෙන්ඩර් ජිප් රථයේ රියදුරා වෙනත් රියදුරන්ට මෙන්  පොලිස් සිරකුඩුවට නොදැමුන බවය.
අනතුරට පත් රෝගින්ගේ තත්වය බරපතලව තිබියදි චුදිත රියදුරාට ඇප දිමට ඉඩක් නැති වුවද පසුදින එය එසේ සිදුව ඇති බව තහවුරු නොකළ ආරාංචි මාර්ග හෙළි කර සිටි.
මෙම අනතුරු 2013 මැයි 06 වනදා පෙ.ව8.30 ට පමණ අමන්දොළුව පාසැල අසලදි සිදුව ඇත.
විදුලි කාර්මිකයෙකු වන 26 හැවිරිදි ස්වාමිපුරුෂයා සහ ගුරුවරියක වු බිරිඳ තවමත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

 http://www.meepura.com/?s=%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7