කුණාටුවෙන් පසු තෙප්පම් ධීවරයින් මුහුදට

0
239

පසුගිය සති දෙකක කාලයක් ලංකාවට බලපෑ වැසි,කුණාටු තත්ත්වය හේතුවෙන් වෙරළාසන්න ජනතාවට ධීවර රැකියාාව වෙනුවෙන් මුහුදට යාමට නොහැකි වූ අතර ඔවුන්ගේ ජීවිකාව කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ධීවර ජනයා මහත් අපහසුතාවයට පත්විය. මුහුදට යාම බලධාරීන් විසින් තහනම් කර තිබියදී ධීවරයෙකු විසින් මුහුදට ගොස් තිබුනේ නිවසේ කෑමට කිසිම දෙයක් නොතිබූ හේතුවෙනි. පසුව කුණාටුවකට හසුව තෙප්පම පෙරලී ඔහු අනුනමයෙන් ජිවිතය බේරාගෙන පැමිණ තිබුනි.
මෙවැනි තත්ත්වයක් පසුකර ඉයේ වනවිට නැවතත මුහුදු යාම ආරම්භ කළ බව තෙප්පම් ධීවරයෙකු පවසන ලදී. ඉයේ දිනයේදි වෙල්ලසූඩයන් අල්ලා ගැනීමට හැකිවූ බවත් ඔහුගේ ආදායම රැ 10000ක් පමණ වූ බවත් ඔහු පැවසීය.