“සුදුවර සෙබස්තියන් මුනිඳානෝ” වේදිකාගත වේ.

0
343

 

” සුදුවර සෙබස්තියන් මුනිඳානෝ ” නම් කිතුනු වීර දෘශ්‍ය කාව්‍යය ඊයේ එනම් 08/06/2024 දින සවස ජා-ඇල , වැලිගම්පිටිය , ශාන්ත ආනා දේවස්ථාන එළිමහන් පරිශ්‍රයේදී වේදිකාගත විය. ශුද්ධවු ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ජීවිතාලෝකනය සහ දෙවිඳුන් තුළ එතුමන් ප්‍රකට කළ දේව විශ්වාසය සහ දේව භක්තිය ප්‍රස්තුත කොටගෙන මෙම නාට්‍ය නිර්මාණය වී තිබේ. ප්‍රකට නාට්‍යවේදියකු වන රිචඩ් මානමුදලී කලාකරුවා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම වේදිකා නාට්‍ය සඳහා , කිතු රඟ සේනා රංග සමූහය අනුබද්ධ රංගමාන ඇකඩමියේ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක විය.
මෙම අවස්ථාවට, ආරාධිත අමුත්තන් ලෙස වැලිගම්පිටියේ ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලෙස්ටර් නෝනිස් පියතුමා, එමෙන්ම වෙන්නප්පුව නාසරෙත් මධ්‍යස්ථානයේ , නිමල මරිය නිකායේ, නිලුෂන් ප්‍රනාන්දු පියතුමා සහ වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථාන දහම් පාසලේ ,දහම් ගුරු ෆිලිෂියා හෙට්ටිආරච්චි කන්‍යා සොහොයුරිය ඇතුළු තවත් ගිහි පැවිදි අමුත්තන් රාශියක් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථාන මීසම් ජනතාව සහ අපට මීසම්වල ජනතාවද මෙම නාට්‍ය නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි