වෙල්ලසුඩයන්ගෙන් දිවිසරිකරගන්නා මිගමුවේ සුළු ධිවරයා..

0
59

දැන් කාලෙක ඉදන් මිගමුවටත් මාළු හිඟයි.කාලයක් තිස්සේ තිබුන අයහපත් කාලගුණය නිසා විශේෂයෙන්ම මිගමුවේ සුළු පන්න ධිවරයන් බරපතල ජිවන අරගලයක් කරමින් සිටිනව.

පහුගිය දවසක ගෙදර කන්න දෙයක් නොතිබුන නිසා තෙප්පමෙන් මුහුදු ගිය කෙනෙක් මුහුදට වැටිල තිබුන.වාසනාවට එයාගේ ධිවර සහෝදරයන්ට පුලුවන් වුනා එයාව බේරගන්න.

තාමත් මුහුද සන්සුන් නැ.ඒ හින්දම සුළු පන්න භාවිතා කරමින් රැකියාවේ යෙදෙන ධිවරයන් ට මේ දිනවල දියඹ මුහුදට යන්න අපහසු නිසා එයාල යන්නේ ගොඩමුහුදට.⁣ෙ

ගොඩ මුහුදේ මේ දවස්වල අහුවෙන්නේ වෙල්ලසුඩායා කියන කුඩා මාලු වර්ගයක්.

කොහොම වුනත් මේ දවස්වල මිගමුවේ සුළු ධිවරයාට වෙල්ලසුඩයන්ගේ පිහිටම තමයි.

තෙප්පම් සහ කුඩා බෝට්ටු වලින් මේ දවස් මුහුදු යන ධිවයරන්ගේ දැල් පිරෙන්නේ වෙල්ලසුඩයන්ගෙන්.