ජයවීර – ලංසා ගැටුම උග්‍ර අතට ? නාගරික කොමසාරිස්තුමිය ඉවත් වෙයි?

0
58

angry lansaපළාත් පාලන ආයතන ක්ෂේත්‍රයේ පරිපාලනමය කාරණාවලදි ඉහල නිලයක් හොබවන පාළාත් පාලන කොමසාරිස්තුමිය විසින් 2013.05.02 දාතමින් මීගමුව නගර සභාවට දන්වා එවා ඇති පරිදි මීගමුව නාගරික කොමසාරිස්තුමිය පිළිබදව නගරාධිපති ඇන්ටනි ජයවීර විසින් කර ඇති නිර්දේශය තවදුරටත්  අනුමතකරමින් 2013 .04.25 දින සිට තවත් මාස 6 ක් සදහා සේවය දිගු කිරිමට යෝජනා කර ඇත.
තතූ  එසේ තිබියදි පළාත් පාලන කොමසාරිස්ගේ නිර්දේශයද අහක දමමින් නාගරික කොමසාරිස්තුමියගේ සේවා දිගුව අත්හිටුවන්නට කිසියම් බලවතෙක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා හරහා කටයුතු කර තිබේ.
මෙය කළ හැක්කේ එක්කෝ පළාත් සභා ඇමැති නිමල් ලංසාටය. නැතිනම් මීගමුව සංවිධායක  නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නටය.
එහෙත් මේ කටයුත්ත අරභයා මීගමු සංවිධායකවරයාට  මේ සේවා දිගුව තහනම් කිරිමට අවශ්‍යතාවක් තිබිය නොහැක. එසේනම් එය සිදු කර ඇත්තේ ඇමති නිමල් ලංසා විසිනි.
ඒ අනුව පෙනි යන්නේ නගාරාධිපතිවරයා හා ඇමැති නිමල් ලංසා අතර ගැටුම දැන් විවෘත තලයට පැමිණ ඇති බවකි.
මීගමුව නගර සභාවේ ඉදිරි කටයුතුවලදි මේ ගැටුම නිරන්තරයෙන්ම අපට දැක ගතහැකි වනු ඇත.
මීගමුවට එන මීළඟ නාගරික කොමසාරිස් තෝරනු ඇත්තේ පාලාත් පාලන කොමසාරිස් ච්න්ද්‍රානි සමරකොන් මහත්මිය විසින් නොවේ. ඇමති නිමල් ලංසා විසිනි.
එ අනුව මීගමුවේ පාලත් පාලනයට යහපාලනය වෙනුවට ලංසා පවුල් පාලනය  ආදේශ වනු ඇත.මීගමුවේ නගරපාලනය මහජන නියෝජිතයන් හරහා නොව එක්තරා දේශපාලන පවුලක් විසින් සිදුකරගෙන යන තත්වයක් නිර්මාණය විමට ඉඩ සලසා දි ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද අදක්ෂ සංවිධායකයන් දෙදෙනෙකු විසිනැයි අද දේශපාලන කරලියේ පවතින සංවාදයයි