මීගමුව රෝහලේ ඩෙංගු ඒකකයට මොක ද වෙන්නේ ?

0
87

Dengu-victim-at-LRHමීගමුව රෝහලේ ඩෙංුගු  උණ රෝගයට ප්‍රතිකාර කිරීම සදහා  වෙනම ඒකකයක් තැනීම 2011 දී  ආරම්භ කරන ලදී. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරමින් ක්‍රියා කළ  මීගමුව රෝහලේ  ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක්  නිකුත් කරමින් කියා සිටියේ  මීගමුව හා අවට ප්‍රදේශ ඩෙංගු අවධානම් කලාපයක්  බැවින්  තමන් මේ  ඒකකය තැනීම සදහා  අමාත්‍යාංශයෙන්    ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට උනන්දු  වූ   බවයි.
අද වන විට මෙම ඒකකයේ  තත්වය පිළිබදව සොයා බලන විට දකින්නට ඇති තත්ත්වය නම්  එම ඒකකය  රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සුදුසු ලෙස  සම්පූර්ණ වී නොමැති ආකාරයයි. ගොඩනැගිල්ලක්  පමණක් ඇති අතර ඒ සදහා අවශ්‍ය උපකරණ  හෝ ඉතිරි සම්පූර්ණ කිරීම් තවමත්  සිදුවි නොමැත. මීගමුව නගරයේ හා ඊට ආසන්න ප්‍රදේශ වල ඩෙංගු රෝගයේ  තත්ත්වය තවමත් මර්ධනය වී නොමැති අතර එම ඒකකයේ අවශ්‍යතාවය තවමත්  පවතියි. මේම ඒකකය ඉතා ඉක්මණින් ගොඩනැගීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද ? මේ 2013  වසරේදී   හෝ මේ ඩෙංගු ඒකකය සැදී අවසන් වෙයි ද?