සිසු දෙමව්පිය සටන ජයගනී ! සාන්ත පීතර විදුහල්පති වෙනත් පාසැලකට !

0
256

මීගමුව , ශාන්ත පීතර විද්‍යාලයේ වර්තමාන විදුහල්පති රොයිස් ප්‍රනාන්දු මහතාව එම පාසලෙන් මාරු කර යවන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ආදි සිසු සාමාජික සාමාජිකාවන් විසින් පසුගිය ජූලි 03 දින නිහඬ විරෝධතාවයක් පැවැත්වීය.

එම විරෝධතාවය පවත්වා මසක් ඉක්ම යෑමටත් පෙර ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති රොයිස් ප්‍රනාන්දු මහතාට එම විද්‍යාලයෙන් මාරුවීමක් ලැබී ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවුනි.

රොයිස් ප්‍රනාන්දු විදුහල්පතිවරයාට මෙලෙස දෙමව්පියන්ගේ සහ ආදි සිසුන්ගේ එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ ශාන්ත පීතර විද්‍යාලය ” ඒ ” ශ්‍රේණියේ පාසලක් බැවින් එවැනි පාසලක් පරිපාලනය කිරීමට ඔහුට විදුහල්පති පරිපාලන සේවයේ නිසි සුදුසුකම් නොමැති බවය.

එමෙන්ම ඔහු තාවකාලික පදනමින් ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ලෙසින් අනුයුක්ත කර තිබූ අතර ඔහු අඛණ්ඩව වසර 11ක් පාසලේ රැඳී සිටීම ද ඔහුට එල්ල වූ තවත් චෝදනාවකි.

එමෙන්ම එදින විරෝධතාවේ යෙදී සිටි වැඩි දෙනෙකු ප්‍රකාශ කළේ ඔහු පාසල පරිපාලනය කළ වසර 11ක කාලය තුළ එතෙක් පාසලේ සිසු දරුවන් ක්‍රීඩා කළ ක්‍රීඩාපිටියද අහිමි වී ගිය බවයි.

එමෙන්ම ගෙවී ගිය වසර 11 ක කාලය තුළ පාසල සෑම අතින්ම එනම් අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන් පාසල ඇද වැටී ඇද ඇති බවත් පැවසු එම විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ පාසලේ පෙර තිබූ ජනප්‍රියත්වය මේ වන විට පහත් තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන එම විරෝධතාකරුවන් වගකිවයුතු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ රොයිස් ප්‍රනාන්දු විදුහල්පතිවරයාව මෙම පාසලෙන් මාරු කර යවා සුදුසුකම් ලත් පරිණත විදුහල්පතිවරයෙක් ඉක්මනින්ම පාසල වෙත ලබා දෙන ලෙසයි.

අද දිනයේ අප ඇමතු සා .පිතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරියෙකු කියා සිටියේ ඔවුන්ගේ සටන ජයගත් බවය.

මේ වන විට විදුහල්පතිවරයාව වෙනත් පාසැලකට මාරුකර යවා ඇත.

.