රජයට භාර වු ප්‍රැන්සිස් ජෝශප් පියතුමා කෝ ?

0
115

යුධ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ සිරුවෙන් සිටින මොහොතකි. එහි සජිව විකාශයන් නාලිකාවන් ඔස්සේ දිගහැරෙමින් තිබේ.
මීට වසර 4 කට ඉහතදි මෙන්ම අදත් මේ පළාත දෙවනත් කරමින් කෆීර් යානා එසවේ. එහෙත් ඒ උතුරට බෝම්බ දමන්නට නොවේ. එදා කෆීර් වලින් බෝම්ම දමා දහස් ගණනක් ජනයා මරාදැමු ඒ සංහාරය සමරනු වස් කොළඹ අහසේ ආඩම්බරයෙන් කරනම් ගසන්නටය.

උතුරේ දමිල තරුණයන් හට ඉංග්‍රිසි ඉගැන්වු 70 වියැති වයෝවෘද්ධි කතෝලික පියතුමෙකි. 2009 මැයි 18 වනදා ඕමන්තේ මුරපොළට පැමිණි එල්.ටි.ටි.ඊ සංවිධානයේ 53 දෙනෙකු හමුදාභාරයට පත් කරමින් ඔහුද හමුදා රථ වලට නැගුණ බව  LLRC කොමිසමට සාක්ෂි දෙමින් එහි සාක්ෂි කරුවන් පවසා තිබිණි.

එහෙත් අද වෙනතුරුත් ජෝශප් පියතුමා ගැන හෝ  එදින භාර වු 53 දෙනා ගැන කිසිදු තොරතුරක් ඒ සියල්ල අතුරුදහන් කර වසර 4 ක් ගෙවෙන මේ මොහොතේ වත් නැත.
මෙසේ හමුදාවට භාරවුවන් පිළිබද නඩු විභාගයක් 2013 මැයි 20 වනදා වව්නියා අධිකරණයේදි පැවැත්විමට නියමිතය.fr.fransis