උතුරේ ධීවර පවුල්වලට චීන සහල් හා දැල්

0
75

පසුගිය කාලයේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා චිනයේ සිදුකරන ලද සංචාරයෙදි සිදු කළ රාජතාන්ත්‍රික සාකච්ඡාවලට අනුව චින රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75,000ක් පමණ සහ සහල් උතුරු නැගෙනහිර ධීවර පවුල් වලට බෙදා දිමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කටයුතු කර ඇත.

ඒ අනුව මෙම දැල් ධීවර දෙපාර්තුමේන්තුවේ ඒම දිස්ත්‍රික්ක සහකාර අධ්‍යක්ෂක කාර්යාලවලට ලබා දිමට තිරණය කර ඇති අතර යාපනය දිස්ත්‍රික්කය සඳහා ධීවර දැල් කට්ටල 26700 ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සදහා 15100 ක් ද මන්නාරම සදහා 7800ක්, මඩකලපුවට 9850ක්, මුලතිව් 4650ක්, කල්මුනේ 5600ක්, කිලිනොච්චි සදහා 5300 ද වශයෙන් මෙම දැල් බෙදා හැරීමට කටයුතු කර ඇත.

මෙම දැල් දැනටමත් මෙරටට ලැබි ඇති අතර ඒවා උතුරු නැගෙනහිර පළාත්වලට බෙදා හැරිමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

තවද උතුරු නැගොනහිර ධීවර පවුල් දිරිමත් කිරිම සදහා චින අධාර යටතේ ලැබුණු සහල් කිලෝ 50 kg බැගින් වු සහල් මලු 16200 ක ප්‍රමාණය එක් පවුලකට 20 kg බැගින් වු සහල් මලු ලෙස යාපනය දිස්ත්‍රික්කයට සහල් මලු 1335ද , කිලිනොච්චි දිස්ත්‍රික්කයට සහල් මලු 265 ද, මන්නාරම් දිස්ත්‍රික්කයට සහල් මලු 390ද , මුලතිව් දිස්ත්‍රික්කයට සහල් මලු 233ද ,මඩකලපු දිස්ත්‍රික්කයට සහල් මලු 492ද වන පරිදි උතුරු පළාතට බෙදා හැරීමට කටයුතු කරඇති අතර නැගෙනහිර පළාතේ ධීවර පවුල් සදහා බෙදා දිමටද ඉදිරි කාලයේදී කටයුතු කර ඇත.

ධීවර සංවිධාන හරහා එම සහල් බෙදාදිමට කටයුතු කරන ලෙස සහකාර ධීවර අධ්‍යක්ෂවරුන්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා උපදෙස් ලබාදි ඇත.

අමාත්‍යවරයා විසින් කැදවා තිබු මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා, ධිවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු උතුරු නැගෙනහිර පළාත් වල සියලුම අධ්‍යක්ෂක වරුන් සහභාගි විය.