තලාදූව ත්‍රීරෝද රථ සංගමයෙන් ,නගරයට ලස්සන වැඩක්

0
197

 

   

මීගමුවේ අපිරිසිදු තැන් බෙහෝය. එ් වගේම දුර්ගන්ධයෙන් පිරැණ තැන්ද අපමණය. මෙම අවලස්සන ස්ථාන බොහෝ අතරට එක් ස්ථානයක් පමණක් ලස්සනට තබාගන්නට එක් ත්‍රීවිල් සංගමයක් විසින් අපූරු උත්සායක් ගෙන ඇත. මෙම නගරයේ ඇති තවත් ත්‍රීවීල් සංගම් විසින් ඔවුන්ගේ ත්‍රීවීල් පාක් පිරිසිදුව හා අලංකාරව තබාගන්නා ආකාරයද අගය කළ යුතු අතර මෙවැනි වූ අති සුන්දර මෙන්ම තමන් රැකියාව කරන ස්ථානයක අපිරිසිදු කාණුවක් අලංකාර කිරීමට ඔවුන් ගෙන ඇති මේ උත්සාහය ඉතාම විශිෂ්ට මෙන්ම අගය කළ යුතු සුන්දර වැඩකි.
මීගමුව බස්නැවතුම ඉදිරිපිට ඇති රේල් පාරට සමාන්තරව ඇති කාණු මාර්ගයේ යම් සීමා සහිත ඉඩක් තුළ අලංකාර ඕලු වර්ගයක් වවා තිබේ. ඊට පෙර මෙම   කානු මාර්ගයේද පසුගිය කාලයේ කැලිකසල එකතු වී  විනාශව තිබුණි.

මේ වන විට එම කානු මාර්ගයට ජලය පුරවා   ඕලු මල් සිටවා ඒ ප්‍රදේශය අලංකාර කිරීමේ  කාර්යයකට තලාදූව එක්සත් ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් විසින් මුල පුරා තිබේ. සීමාසහිත තලාදුව එක්සත් ත්‍රීරෝද සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ ධනුෂ්ක මහතාගේ සංකල්පනාවක් අනුව  පසුගිය වර හිටපු සභාපති වූ සමන් පෙරේරා මහතාගේ ද අනුදැනුම ඇතිව නගරයට අලංකාරයක් කැන්දන මෙම කාර්යභාරය ආරම්භ වුයේ මීට වසර දෙකකට පමණ කලිනි.  එලෙසම මේ ස්ථානය එනම් මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති  ප්‍රධාන පාර අයිනේ සිට ,දුම්රිය මාර්ගය දක්වා වූ කොටස දිනපතාම අතුපතු ගා පිරිසිදු කොට , මෙලෙස ⁣ ඕලු මල් වවා  එම ප්‍රදේශය අලංකාරවත්ව තබා ගැනීමට මේ ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් කාල සටහනක් පවා සකස් කරගෙන ඇත. මෙම තීරෝද රථ සංගමයේ වර්තමාන සභාපති රුවන් චාමර මහතා පවසන්නේ වැඩි වශයෙන්ම බස් නැවතුමට පැමිණෙන මගී පිරිස් මේ ස්ථානයට කැලි කසල බැහැර කිරීමට පෙළඹී ඇති බවයි. ඒ නිසාම ඔවුන් ඒ සඳහා කසල බඳුන් පවා මෙම ස්ථානයේ තබා ඇත. එහෙත් රුවන් චාමර මහතා පවසන්නේ කසල බැහැර කිරීමට බඳුන් කීපයක් මේ ස්ථානයේ තබා තිබුණත් මේ ස්ථාන හරහා යන බොහෝ දෙනෙක් තවමත් මේ කානු මාර්ගයටම කැලි කසල බැහැර කිරීමට පෙළඹී ඇති බවයි.

එමෙන්ම මෙම ත්‍රී රෝද රථ සංගමයේ  හිටපු සභාපති සමන් පෙරේරා මහතා පවසන්නේ නගර බලධාරීන් හෝ වගකිව යුතු අය මෙම කාණු මාර්ගය විධිමත් ලෙස ඉදිකර දෙන්නේ නම් මෙම භූමි කොටස මීටත් වඩා අලංකාරවත්ව සහ පවිත්‍රව  තබාගත හැකි බවයි.

සීමාසහිත තලාදූව එක්සත් ත්‍රී රෝද රථ සංගමය ආරම්භ වන්නේ 1997 වසරේදීය. මේ වන විට එහි සාමාජිකයන් 57 දෙනෙක් සිටි. පසුගිය කාලය පුරාවට සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම නගර අලංකරණ වැඩසටහන් කිහිපයක්ද මෙම ත්‍රී රෝද රථ සංගමය මගින්  සිදුකරන ලදී.

හිටපු සභාපති සමන් පෙරේරා මහතා
වර්තමාන සභාපති රුවන් චාමර මහතා

ඔවුන් මීගමුවට පැමිණෙන; විශේෂයෙන්ම බස් පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණෙන මගී ජනතාව ඇතුළු සෙසු අයගෙන් ඉල්ලා සිටින්නේ කැලිකසල බැහැර කිරීමේදී මේ කානු මාර්ගයට සහ එම ප්‍රදේශයට කැලිකසල බැහැර කිරීමෙන් වළකින ලෙසයි.කැලිකසල බැහැර කිරීමට තබා ඇති එම බඳුන්  වලට පමණක් කැලි කසල බැහැර කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි. එලෙස මොවුන් වැඩිදුරටත් මගී ජනතාව ඇතුළු සෙසු ජනයාගෙන් ඉල්ලා සිටින්නේ නගරය පිරිසිදුව තබා ගැනීමටත් අලංකාර කිරීමටත් ඔවුන් ගන්නා මේ උත්සාහයට සහාය වන ලෙසයි.

මේ දැක්වෙන්නේ ඊට ආසන්නයේම ඇති බස් නවතා ඇති ප්‍රෙද්ශය අපද්‍රව්‍ය වලින් පිරී ඇති ආකාරයයි

අවට අපද්‍රව්‍ය සුළගින් ගසාගෙන විත් වැටී ඇති අයුරු