මෙවර දකුණෙ කතෝලික සභාව කාගේ පැත්තේද?

0
194

පල්ලිය අස්සට එහෙමත් නැත්නම් කතෝලික  සභාව ඇතුලට (දකුණෙ ) දේශපාලනය  රිංගුවේ කාර්දිනල් උන්නාන්සේගේ කාලේ තමයි කියල ප්‍රගතිශිලි කතෝලිකයෝ නම් එදා ඉදන්ම කිව්වේ.

ඇත්ත උන්නාන්සේට රාජපක්ෂල එක්ක තිබුන සමිප හිතවත් කම ගැන බෝහෝ අය දැනගෙන හිටියා.

මේ අල්ල පනල්ලේ තමයි රාජපක්ෂලගේ පවුලට ආයෙත් බලය ගන්න ගෝඨාභය දාල සැලැසුම් සකස් වෙන්නේ .

බලය වෙනුවෙන් අහිංසකයන්ගේ ජිවිත බිලිගත්තු බෝම්බයත් එක්කම කාර්දිනල් උන්නාන්සේ ජන්දේ දා උදෙන්ම ගිහින් කරන්න ඕන දේ ලෙසටම කියල තිබුන.

උන්නාන්සේ එහෙමයි දකුණේ කතෝලික සභාවේ ඡන්ද රාජ්‍ය ආරක්ෂාවට පක්ෂව හැරෙව්වේ.

කාර්දිනල් හිමියන්ටත් කාලයක් ගියා රාජපක්ෂල ගහපු ගේම තේරුම් ගන්න.මුල් කාලේ නම් කාර්දිනල් හිමියන් මේක රාජපක්ෂලගේ වැඩක් කියල විශ්වාස කලෙත් නෑලු.

කොහොම හරි පාස්කු ලේවල සාපය හින්දම රාජපක්ෂ පවුලටම යන එනමං නැතිවෙන තැනට වැඩ සිද්ධ වුනා.

දැන් ආයෙත් ඡන්දයක්.කාර්දිනල්  උන්නාන්සේ ආයේත් දේශපාලන කරේ දාගනියිද?

උන්නාන්සේ ලගට අනුරව කැන්දන් යන සැදැහැවත් දේශපාලන කිතුණුවෝ ප්‍රචාර කරන්නේ මෙදා සැරේ කතෝලික සභාව එයාලත් එක්ක කියල.

නිරෝෂන්ලා කාවින්දල සජිත්වත් අරන් ගිහින්  කාර්දිනල්  උන්නාන්සේ හමුවෙලා එලියට ඇවිත් කියන්නේ මෙදා සැරේ කතෝලිකයෝ අතට ගන්නේ දුරකතනය කියලලු.

කොහොම උනත් දකුණේ කතෝලික සභාවට හැදිල තියෙන දේශපාලන උණ අනේ උතුරේ කතෝලික සභාවට නම් තියෙන පාටක් පේන්නේ නැ.

කොහොම හරි මෙදා සැරේවත් කාර්දිනල් උන්නාන්සේ කරගත්තු වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන කටයුතු කරයිද කියල නම් ගැටලුවක් ඉතිරි වෙලා තියෙනව කියලයි ප්‍රගතිශිලි කිතුණුවෝ නම් කියන්නේ..