රෝෂෙන් සමරා පුජාවක් තියන්න පල්ලිය දෙන්න බෑ කියලා…

0
50

P1070791 newපසුගිය මැයි 30 වෙනිදා නිදහස් වෙළද කලාප කම්කරු අරගලයේදි පොලිස්  වෙඩිපහරින් මිය ගිය රෝෂෙන්ගේ අවමඟුල හමුදාවේ සහ කතෝලික පල්ලියේ පුර්ණ අනුගුහය සහ අධික්ෂණය යටතේ සිදුවිය.ලංකා ඉතිහාසයේ පලමු වතාවට කිතුණු දෙව්මැදුරක් funeral parlor එකක් විමද සිදුවිය.ඒ අනුව රොෂෙන්ගේ දේහය භූමදානයට පෙර උදේවරුවේ සිට තිබුනේ සාන්ත අගොස්තිනු මුනිතුමන්ගේ දෙව්මැදුරේ තබාතිබුණි.

උසාවි නියෝග අකුරටම පිළිපැද්ද පියතුමා හරියට එදා හැසිරුනේ උසාවි සාජන් වරයෙකු ලෙසිනි.ආන්ඩුවේ උවමනාව අකුරටම පිළිපැද පල්ලියේ ආචාරධර්ම පමණක් නොව සියළු නිතිද නොතකා කටයුතු කළද  මේ මස 17 වනදා රොෂෙන් වෙනුවෙන් විශේෂ සැමරුම් දේවමෙහෙයක් සදහා අමන්දොළුව දෙව්මැදුරේ ඉඩක් ලබාගැනිමට ඔහුගේ කම්කරු සගයන් ඉල්ලා සිටි අවස්ථාවේදි එහි පියතුමා එය ප්‍රතික්ෂේප කර තිබුණි.

පල්ලියේ දෙබිඩි පිලිවෙත මින් හොදටම පැහැදිලි යැයි නම හෙළි කිරිමට අකමැති කිතුණු ක්‍රියාධරයෙකි මීපුර පවසා සිටියේය.