කටුනායක මෑන් පවර් සේවිකාවක් ඝාතනය කරයි

0
154
The dead woman's body. Focus on hand

 

The dead woman’s body. Focus on hand -ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නෙවේ.

ඊයේ දින (04) දහවල් 01.45 පමණ සීදුව පොලිස් වසමේ බේස් ලයින් පාරේ අංක 5 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ තියුණු ආයුධයකින් කපා කොටා නිදියහනේම අභිරහස් ලෙස ඝාතනය කර තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 43 වන එක්දරු මවක් වන අතර ඇයගේ මුහුණු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇත. මෙම කාන්තාව වෙළඳ කලාපයට අනුයුක්තව මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතු වී සිටින කාන්තාවක් වන අතර මේ වන විට ඝාතකයා සොයා සීදුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කටුනායක ලක්ෂාන්