තරුණියකගේ හිසකෙස් ගැලවූ රූපලාවන්‍යාගාරය පරීක්ෂා කිරීමට අධිකරණ නියෝග

0
31

පසුගිය දින කීපයකට පෙර  නුවන්ගොඩ නගරයේ රූපලාවාන්‍යාගාරයකට ගිය තරුණියකගේ හිසකෙස් සදහා සිදුකරන ලද රූපලාවාන්‍ය කටයුත්තකදී හිසේ ගලවල ලද ආලේපනයක් හේතුවෙන් ඇයගේ හිසකෙස් ගැලවී යාම හේතුවෙන් අදාළ තරුණිය රෝහලට ඇතුලත්වී ප්‍රතිකාර ලබාගෙන තිබේ. පසුව ඇය විසින් අදාළ රෑපලාවන්‍යාගාරයට විරුද්ධව මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. ඉන්පසුව රෑපලාවන්‍යාගාරයේ සේවය කළ පුද්ගලයන් අස්ථානගතව සිට ඇති අතර මේ වනවිට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් තර්ජන ලැබෙමින් ඇති බවද වාර්තා වේ. පහත පළවන්නේ මෙම සිදුවීම සම්බන්ධ ප්‍රාෙද්ශීය වාර්තාකරුවෙකු විසින් මීපුර වෙබ් අඩවියට සිදුකරන ලද වාර්තා කිරීමකි.

හිසකෙස් සැකසීමට ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ හිස කෙස් ගැලවීමේ යාමේ සිද්ධිය පිළිබඳව නිසි විමර්ශන කිරීමට පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරියකු දුරකථන ඇමතුම් ලබාදෙමින් දැඩි බලපෑම් සිදු කරන බව මිනු න්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත්    තේනබදු  මහත්මියට ඊයේ 18 දැනුම් දෙන ලදී.

පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් අධිකරණීයේ පෙනී සිටි විමර්ශන නිලධාරිණි රමාෂා තස්සරණේ මහත්මිය කරුණු දක්වමින් රූපලාවණ්‍යාගාරය හිමිකාරිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම  යතුරු දමා වසා තිබීම හේතුවෙන් එය විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට නොහැකි වී ඇතැයි ද දැනුම් දුන්නා.

ඒ අවස්ථාවේදී පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරණීය ඇමතූ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට සම්බන්ධ රූපලාවණ්‍යාගාරය විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අධිකරණය මීට පෙර අවස්ථාවකද නියෝගයක් දී ඇතැයි අවධාරණය කළා.

අධිකරණය එසේ නියෝගයක් දී තිබියදීත් රූපලාවණ්ණාගාරයේ පරීක්ෂා කිරීමට එහි හිමිකරුවන් අවශ්‍ය නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය  යතුරු කඩා රූපලාවණ්‍යාගාරතය විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කරන ලෙසට පොලිසියට සහ පාරිභෝගික සේවා අධිකරණය නියෝග කළා.

නමුත් ඊයේ (19) දිනයේදී ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ මහතුන්   පරීක්ෂාවට ලක් කිරීමට පැමිණියද ඔවුන් පොලිසිය වෙත ගොස් අධිකරණයෝගය ඉදිරිපත් කර පොලිසියේ සහාය ලබා දෙන ලෙසත් ඉල්ලුවද පොලිසියේ අද දින සේවය සඳහා යෙදවීමට නිලධාරීන් අද දින නොමැති බව මිනුවන්ගොඩ  පොලීසිය සඳහන් කළ බව ඔවුන් අපට සඳහන් කළා.අධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් පොලිසිය මෙසේ මෙම කටයුත්ත කල් දැමීමට හේතුව ඉහළ නිලධාරීන්ගේ  බලපෑමක්  තිබේදැයි සැක පල කරනවා.ඒ අනුව එම නිලධාරීන් ඒ බව අධිකරණ රෙජිස්ටර්වරයාට දැනුම් දී පොලිසියේ සහයෝගය නොමැතිව එය විවෘත කර නොහැකි නිසා එතනින් පිටව ගියා. ඊළඟ නඩු වාරයේදී එම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කරමින් ඔවුන් පිටව ගියා.