නව ජනපති ‘ අනුර ‘ දිව්රුම් දෙයි

0
33

දුෂිත දේශපාලනයෙන් තොර   ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඊයේ දින ශ්‍රී ලාංකික ජනතාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරදා ඡන්ද 43.2% ප්‍රතිශතයකින්  අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහනය කරවා තිබේ. අද පෙරවරුවේ අභිනවයෙන් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනපතිදූරයේ දිවුරුම් දෙන ලදි. මෙම ජයග්‍රහණය  ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන ගමන්මගේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකි අතර මෙතෙක් කල්  ජනතාව මත පැටවී තිබූ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනුවට අවංක දේශපාලන භාවිතාවක් , පීඩාකාරී දේශපාලන සංස්කෘතිය වෙනුවට නිදහස් ,විචාරශීලි දේශපාලන භාවිතාවක් හා සියලු ජාතීන්ගේ සමානත්මතාවය රැකෙන රටක් ගොඩනැගීම නව ජනාධිපතිවරයා ඉදිරියේ ඇති අභියෝගයයි.