දෙමල කතාකරන ජනතාව සහ ජාතික ජන බලවේගය ….

0
37
ජනාධිපතිවරනයේදී මාලිමාව ලැබූ ජයග්රහණය කරුණු කීපයක් නිසා සත්ය වශයෙන්ම සතුට ගෙන දෙන අවස්ථාවක් වූවත් එම ජයග්රහණය පිළිබදව සංවාදය තව දුරටත් ඉදිරියට යා යුතු යයි මම සිතමි.
මෙතෙක් කල් රටේ බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ රටේ නායකයා වන්නේ රාජකීය විද්යාලයේ හෝ වෙනත් කොළඹ පාසලක ඉගෙන ගත් අයෙකු විය යුතු බවයි. නමුත්, අනුර හද්ද පිටිසර මධ්ය මහා විද්යාලයක ඉගෙන ගත් කෙනෙකි. එබැවින්, මෙතෙක් තිබු එවන් මිත්යාවන් බිද දැමීමම ඓතිහාසික සිදුවීමකි.
ඒ සමගම ආචාර්ය හරිනි අමරසූරිය අගමැති වීමද තවත් වාර්ථාවකි. ධනවත් පවුලක ඉපිද කොලඹ කීර්තිමත් පාසැලක ඉගෙන ගෙන, අචාර්ය උපාධියක් ලබා, පසුව විශ්ව විද්යාලයක ආචාර්ය පදවියක් හෙබවූ ඇය ඒ සියලු වරප්රසාද අත හැර ජනතාවගේ අරගලයකට සම්බන්ධ වී අගමැති ධූරය ලැබීම අපේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ සිද්දියකි. ඒ සියල්ල ජනතාවගේ ප්රගමණයට ඉතාමත් වැදගත් කාරණාවේ.
නමුත්, ආ ගමනේ සීමාවන් අපි දැකිය යුතුම වේ. ඉන් එකක් නම් දෙමල කතාකරන ජනතාවගේ බහුතරයගේ සම්බන්ධය කොහොමටත් ප්රමාණවත් නොවේ. ඔවුන්ව සමබන්ධ කර ගන්නට ගත් උත්සාහයන් නම් අගය කල යුතු වේ.
එබැවින්, ලැබූ ජයග්රහණය සම්පුර්ණ නොවීමට එයද එක් හේතුවකි. අපේ බලාපොරොත්තුව “ක්රම වෙනසකි”. එබැවින් තව යා යුතු දුරක් ඇත. ඒ දුර යාමට මෙම අසම්පූර්ණ ජයග්රහණය ශක්තිමත් පියවරකි.
කෙසේ වෙතත් 2024 දී සිදුවූ මෙම ජයග්රහණය ඓතිහාසික ජයග්රහණයකි. 1956 සිට 2022 ගොල්ෆේස් අරගලය දක්වා වූ කාලය පුරාවට විටින් විට ප්රකාශවූ සාමාන්ය ජනතාවගේ හදවතේ තිබු අපේක්ෂාවන් 2024 මාලිමාවේ ජයග්රහණයෙන් මල් ඵල ගැන්වුණු බව කිව යුතු වේ.
දැන් ඉතින් ඊලග පියවර මහා මැතිවරණය ජය ගැනීම වේ. මහා මැතිවරණය සදහා විශේෂ වැඩ පිළිවෙලක් සැකසිය යුතු වේ. ඒ සදහා විශේෂ අත්දැකීම් සතු අය මාලිමාව තුල සිටිති.
නමුත්, විවිධ උපායන් යොදා බලය අත්කර ගැනීමට වඩා යමක් සිදුවිය යුතු වේ. එසේ විය යුත්තේ “ක්රම වෙනසක්” කරා යාම අපේ අරමුණ නිසා වෙනි. එහි තේරුම නම් “යුග වෙනසක්” නිර්මාණය කර ගැනීමකි. එවන් ගමනක් යාම අපේ අරමුණ වන්නේ නම් ජනතාව තුල විශේෂ චින්තන වෙනසක් ඇති කර ගත යුතු වේ.
එම කාර්ය කල හැක්කේ අධ්යාපන වැඩ පිළිවෙලක් මගිනි. ඒ සදහා විශේෂ උපාය මාර්ග සැකසිය යුතු වේ.
එවන් වැඩ පිළිවෙලක ප්රතිඵලය වන්නේ නව යුගය ඇති කිරීමට එකගවන, ඊට සහභාගීවන, තීන්දු ගත හැකි, එවන් ක්රියාවලියක කතෘත්වය ගන්නා ජනතාවක් බිහිකර ගැනීමය. නව යුගය නිර්මාණය කිරීමේදී ජනතාව සහභාගිත්වය අත්යාවශ්ය වේ.
තවද, හැකි ඉක්මනින් “පැරණි යුගයේ” අපි ප්රතික්ෂේප කලයුතු දේ සහ “නව යුගයට” එක් කරගත යුතු දේ ගැන අපි වඩා නිශ්චිතව හදුනා ගත යුතුවේ. මෙසේ අපට තෝරාගැනීම පහසු නොවේ. ජනතාවගෙන් සමහරු මේ යුග දෙකේම ජීවත්වීමට පෙළබෙන්නට පුළුවන. නමුත්, තෝරාගැනීමක් අනිවාර්යෙන් කල යුතුවේ.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස් බුක් පිටුවෙනි )