ලෝක ළමා දිනයට, බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් “” CLAY & CLOURS “”. …

0
34

 

එළඹෙන ඔක්තෝබර් 01 වැනි දිනට යෙදෙන  ලෝක ළමා දිනය නිමිත්තෙන් මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් කුඩා දරුවන් වෙනුවෙන් “ක්ලේ ඇන්ඩ් කලර්ස් (CLAY & CLOURS) නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන ඔක්තෝබර් 05 වැනි සෙනසුරාදා දින සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා පුරා පැය 04 කාලයක් ,මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී  පිහිටි වායු සමනය කළ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
මෙම සුවිශේෂී වැඩසටහන තුළින් කුඩා දරුවන්ගේ මානසික සුව සහනය යහපත් ලෙස පවත්වා ගනිමින්  එලෙසම නිර්මාණාත්මකභාවය ද වර්ධනය කර ගනිමින්, සෞන්දර්යාත්මක විෂයන් වන සිතුවම් ඇඳීම, මැටි ආශ්‍රිතව විසිතුරු නිර්මාණකරණය  පිළිබඳව මනා දැනුවත්භාවයක් ලබා දේ. එලෙසම මෙම වැඩසටහන න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත  වේ. වැඩසටහනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවැසි වන සියලූම දේ  බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් ලබාදෙන අතර වැඩසටහන අතරතුර  මීගමුව, ග්‍රෑන්ඩ් හෝටලය මගින් කෙටි කෑම සහ තේ පැන් සංග්‍රහයක් ද ලබාදීමට නියමිතව ඇත.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවසානයේ මෙම වැඩසටහනේ අවසන් අංගය ලෙස තෝරාගත් ළමා චිත්‍රපටයක් නැරඹීමටද  වැඩසටහන සඳහා සහභාගි වෙන කුඩා දරුවන්ට අවස්ථාව උදා වේ.

මේ සුවිශේෂී වැඩසටහනට ඔබේ කුඩා දරුවන්ද සහභාගි කරවීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් සහ  එලෙසම  මෙම වැඩසටහන පිළිබඳව තවත් වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී පහත සඳහන් වට්ස්ඇප් දුරකථන අංකයට  අදම  අමතන්න..