හිටපු නගරාධිපතිගේ බඩියන්ට එරෙහිව කෝ නීතිය කොමසාරිස්තුමෙනි ?

0
44

මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාගේ සුවච කිකරු බඩියෙකු වු සෞඛ්‍ය අංශයේ සේවය කරන කුප්‍රකට කම්කරුවෙක් වු තුෂාන්ට එරෙහිව පසුගිය ජනපතිවරණය සමයේ නගර සභා සේවකයන් බලහත්කාරයෙන්  ලංසා පවුලේ උවමනාවන් වෙනුවෙන් යොදාගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් දැනටමත් චෝදනා රැසක් එල්ල වි තිබුණද ඒවා සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා නිහඩ ඇයි යන ප්‍රශ්ණය කම්කරුවන් විසින් මේ වන විට මතුකර තිබේ.

තුෂාන් යනු ලංසා පවුල වෙනුවෙන් පසුගිය කාලයේ මජර වැඩ රැසකට මුල්වි කටයුතු කළ අයෙකි.

රුපියල් කෝටි 31 ක මුදලක් ගිණුමක තිබුණ සෞඛ්‍ය කම්කරුවා ලෙසින් රටේම ප්‍රසිද්ධියට පත්වුයේද ඔහුය.

එමෙන්ම රාජකාරි වෙලාව තුල සිය සොහොයුරාද සමගින් එක්ව මාධ්‍යවේදියෙකුට මිගමුව මහනගර සභා භුමියේදි පහරදිම සම්බන්ධයෙන් මාස ගණනක් සිරගතව සිටි අයෙකි.

මේ සියලු ජඩකම් වෙනුවෙන් කිසිවිටත් හිටපු කොමසාරිස්ලා මෙන්ම වත්මන් කොමසාරිස්ද මුනිවත රකින හේතුව පැහැදිලිය