ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත ඉදිරියට ගෙන යයි!

0
69

ජායාරූපය: 2022 අරගල සමයෙහි එජා සහාය ඉල්ලා පැවැති උද්ඝෝෂනයක්.

සුනන්ද දේශප්‍රිය විසිනි.

ඒකේඩී ආණ්ඩුව ජීනිවා යෝජනා සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙත ඉදිරියට ගෙන යයි!

අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්ද විමසීමට ලක් කැරෙන 57/1 නම් ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය වන යෝජනාව, නව අනුර කුමාර දිසානායක ආණ්ඩුව විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වනාහී රනිල් රාජපක්ෂ විසින් ද ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමකි.

එක්සත් ජාතීන්ගේ මනෙව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධා සම්බන්ධයෙන්  සහයෝගයෙන් කටයුතු කළේ යහපාලන ආණ්ඩුවේ මුල් වසර කිහිපය තුළදී විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර පමණකි. ඔහු යුද සමයේ සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් රාජපක්ෂ දේශපාලනය වූ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවතට ලංකාව ගෙන ගියේය.

51/1 නමින් 2015 ඔක්තෝබර මාසයේ දී එළෙස ඒකමතිව සම්මත කරන ලද යෝජනාව අනුව සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

2019 නොවැම්බරයේදී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම යෝජනාවෙන් නිල වශයෙන් ඉවත් විය.

2015 දී අගමැති වශයෙන් එම යෝජනාවට සහය දැක් වූ රනිල් වික්‍රමසිංහ. 2022 පූලි මාසයේ දී රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්ම කිරීමෙන් පසුව ඔහුද එම යෝජනාවෙන් ඉවත්ව සිටීම දිගටම පවත්වා ගෙන ගියේය.

දැන් එ්කේඩී ආණ්ඩුව ලෙස හැදින්වෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ද යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පිළිවෙතම ඉදිරියට ගෙන යන බව සනාථ කර තිබේ.

ඒකේඩී ආණ්ඩුවේ පසුගිය අමාත්‍ය මණ්ඩළ රැස්වීම තීරණය කර ඇත්තේ අද ඉදිරිපත් කැරෙන යෝජනාවටත්, මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවටත් විරුද්ධ වීමටය.

එමෙන්ම කිසිදු විදේශීය සහභාගිත්වයකින් තොරව හුදෙක් දේශීය පරීක්ෂන යාන්ත්‍රණයක් මගින් එම මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කිරීමටය.

එම අමාත්‍ය මණ්ඩළ තිරණය සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීම ඇතුලු සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ගැන කිසිවක් සඳහන් නොකරයි.

අද මානව හිමිකම් කවුන්සිලයේ දී  සාකච්ඡාවට සහ ඡන්ද විමසීමට ලක් කැරෙන යෝජනාව මෙසේය:

“මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල අරමුණු සහ මූලධර්ම මගින් මෙහෙයවනු ලබන, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ පෙර යෝජනා සිහිපත් කරමින්, එහි වඩාත්ම මෑත කාලීන 2022 ඔක්තොම්බර් 6 න් 51/1 යෝජනාව අනුව

“1. මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව (1 A/HRC/57/19.) සාදරයෙන් පිළිගනිමු;

“2. මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ වරම සහ එයින් ඉල්ලා ඇති සියලුම වැඩ කටයුතු දීර්ඝ කිරීමට තීරණය කරන අතර, කවුන්සිලයේ 58 වන සැසියේදී වාචික යාවත්කාලීනයක් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කිරීමට නියමිතය.”

පසුගිය දා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණය මෙසේය:

 

.srilankabrief.org/