අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන්   68,672 පීඩාවට පත්වෙයි !

0
31

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල්  16, 707 ක සාමාජිකයින්  68,672 දෙනෙකු අද වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පැවති වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය  , ඌරුවල් ඔය සහ කුණ්ඩවිල ඇල පිටාර ගැලීම මත ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් සහ අවට ප්‍රදේශ මද වශයෙන් යටව පවතින අතර පීඩාවට පත්වූ පවුල් 416 ක සාමාජිකයින් 1376 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 16  ක රැදවීමට පියවර ගෙන ඇති බවත් පීඩාවට පත්ව සිටින අයට අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගන්නා ලෙස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පැවසු බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ගම්පහ නගරයට පැමිණෙන ජාඇල මාර්ගය , ගණේමුල්ල මාර්ගය , ඔරුතොට මාර්ගය ස්ථාන කිහිපයකින් සහ නගරයෙන් ගලා බසින කුණ්ඩවිල ඇල උතුරා යාමෙන්  අතුරු මාර්ග සහ ගම්පහ නගරයේ ජාඇල දෙසට ඇති බස් නැවතුම් පොළ , නගර මධ්‍යයේ ස්ථාන කිහිපයක් මෙන්ම මහ රෝහල ඉදිරිපිටද  පසුගිය දින කිපයක  සිට ජලයෙන් යටව පවතී.

ගම්පහ අවට ඇති ඇල මාර්ග නිසියාකාරයෙන් නොමැතිවීම සහ බොහෝ ඇල මාර්ග අවහිරවන සේ ඉදිකිරීම් සිදු කොට තිබීම  සාමාන්‍ය ජල ගැලීමකදී පවා ගම්පහ නගරය සහ මාර්ග යටවීමට හේතුවී ඇති බව ජනතාව පෙන්වා දෙන අතර ඇල මාර්ග අවහිර කරමින් ඉදිකිරීම් කිරීම පිනිස ගම්පහ නියෝජනය කළ දේශපාලනඥයින් සහ අදාල නිලධාරීන් නිහඬව බලා සිටිමින් අනුග්‍රහය ලබාදීම සිදු කළ බවට පීඩාවට පත්ව සිටින බොහෝ දෙනා පෙන්වා දෙනු ලැබූහ.

මේ වනවිට වැසි ජලය බැස යාමට අවහිරතා පවතින ගම්පහ නගරය ආශ්‍රිතව සහ දිස්ත්‍රික්කය පුරා ඇයි සියලුම ඇල මාර්ග අතීතයේ පැවති තත්ත්වයට පත්කරලීමට පියවර ගන්නා ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද ජනතාව ඉල්ලා සිටිති