වසර 8 ක සේවය නිමාකළ ගරු ශිෂ්වාන් කෘෘස් පියතුමාට සමුදීමේ උත්සවයක්

0
61

 

 මීගමු කලාපය භාරව වසර 8 ක සාර්ථක සේවා කාලයක් නිමා කරමින් නික්ම යන අතිගරු ශිෂ්වාන් ජෝසප් ද කෲස්  කලාප නාහිමිතුමාට සමුදීමේ හා නව කලාප නාහිමි ලෙස පත්වීම් ලද අතිගරු කුමාර වැලිවිට නාහිමිතුමා පිළිගැනීමේ උත්සවයක් 13 වැනි දින මීගමුව තම්මිට කාදිනල්  කුරේ මධ්‍යස්ථානයේදී සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කරන ලදී,
                මෙම උත්සවය මීගමුව  කලාපීය කතෝලික බල මණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම් වර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ එම බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි,මෙම අවස්ථාවට මීගමුව අඟුරුකාරමුල්ල මහා පන්සලේ අනුරාධපුරේ ඥානා ලංකාර හිමි ,මුස්ලිම් ආගමික අබ්දුල්ලා අබ්දුල් රුස්මාන් දේශකතුමා  සර්ව ආගම්  නියෝජනය කරමින් එක්වූහ,රාජ්‍ය නිලධාරීන් ලෙස මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය මීගමුව රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය රසික ලියනගේ ඇතුළු නිලධාරි මණ්ඩලයක්ද විවිධ සමිති සමාගම් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ. කලාපීය පියතුමන්ලා ද බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ද,මෙම අවස්ථාවට එක්විය.
රේමන්ඩ් අපෝන්සු