හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයන් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

0
47

 

 

ගාල්ල මුහුදු තීරයේ ටෝලර් යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 146 ක් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 17 දෙනෙකුගෙන් වරද පිළිගත් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා අද ( 23) වෙනි දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මෙම පිරිස ධීවරයන් ලෙස වෙස්වලාගෙන ටෝලර් යාඥාවක් මගින් ගාලු මුහුද තීරයේ හික්කඩුව දක්වා මෙම හෙරොයින්ද රැගෙන ගමන් කරමින් සිටියදී 2016/03/26 වෙනි දින මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නාවික හමුදාව හා එක්ව අත්අඩංගුවට ගත් බව කියයි ,මෙම විත්තිකරුවන්ගෙන් ඉතිරි හත්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී,මෙම හත්දෙනා අතර පකිස්තාන් ජාතිකයකුද සිංගප්පූරු ජාතකයකුද සිටින බව කියයි, වර්ෂ 2016 සිට පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම නියෝගය ලබා දෙන ලදී.ඉරාන ජාතිකයන්ට මෙම නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එම තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයන්ද අධිකරණයට පැමිණ අදාල නියෝගය කියවා තේරුම් කර දෙන ලදී. මනේෂ් වෑවිට,කපිල වෛද්‍යරත්න,ප්‍රශාද් චතුරංග,බුද්ධික ජයකොඩි,යශස් සෝවිස්,යන නීතිඥ මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ යූ.ආර් .ද සිල්වා මහතා ඉරාන ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටියහ.

හෙරොයින් කිලෝග්‍රෑම් 48 ,ග්‍රෑම් 588,මිලිග්‍රෑම් 146ක්,ළඟ තබාගෙන ජාවාරම් කළේ යැයි මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවේ සඳහන්ය.

රේමන් අපෝන්සු