රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ

0
62

denguඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි  ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම් තත්වයක් නිර්මාණය වි තිබිම හේතුවෙනි.
ඌව පළාත් සභා මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ යනු වමල් රාජපක්ෂගේ ලොකු පුතාය.
මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒ්්කකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ශ්‍රි ලංකා ජනරජයේ කථානායකතුමාගේ මුණුබුරාය.
ඩෙංගු මදුරුවාට තරාතිරම වැදගත් නොවන නිසා කළ යුතුව ඇත්තේ ලෝකයේ වෙනත් රටවල් මෙන්  ඩෙංගු වැනි තත්වයන් පාලනය කිරිම සදහා ඇත්ත වැඩපිළිවෙලක් රටතුල නිර්මාණය කිරිමයි.ඒ සදහා අයවැයෙන් විශේෂ වෙන් කිරිමක් කළයුතුව තිබේ.
එහෙත් ආරක්ෂක වියදම් ගැන පමණක් වැඩියෙන් හිතපු රාජපක්ෂ පරපුර ට අද පුංචි ඩෙංගු මදුරුවෙක් මාරාන්තික අභිෙයා්ගයක් එල්ල කර තිබේ.