‘ පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවෝ කවුද කියන එක අපි ජනතාවට කියනවා ‘

0
146

 

ජන බලවේගයේ මාලිමාව ලකුණින් , මීගමුව ආසනය නියෝජනය කරමින් ,  ගම්පහ දිස්ත්‍රික්කයෙන්  මෙවර 2024 මහ මැතිවරණයට තරග වදින අරුණ ශාන්ත නෝනිස් මහතා මීගමුව ආසනය නියෝජනය කරයි.මීගමුවෙන් අධ්‍යාපනය ලබා කැලණීය විශ්ව විද්‍යාලයේ විශේෂ වාණිජවේදී උපාධිධාරියෙකු වන අරුණ ශාන්ත නෝනිස් මහතා ,පුහුණුකරුවෙකු හා  සිවිල් සමාජ ක්ෂේත්‍රෙය් වසර ගණනාවක අත්දැකීම් ඇති සමාජ ක්‍රියාකාරීකයෙකි.  මීගමුව මාධ්‍ය සමාජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණු පිළිබදව ඔහු දැක්වූ අදහස් මෙසේයි.

මගේ ක්‍රියාකාරී පසුබිම

ජීවි‌තේ අවුරුදු 40කට ආසන්න කාලයක් අපගේ තරුණ කාලයේ ඉදන්ම , ජීවිතේ පටන් ගත්ත කාලයේ ඉදන්ම සමාජය වෙනස්  කරන්න ඕනා කියලා වැඩකරපු මිනිස්සුත්  ඒක්ක වැඩ කරපු කෙනෙක්‍ මම.අපි බොහෝ සංවිධාන වල වැඩකරලා තියෙනවා.  කතෝලික ව්‍යාපාර වල හා තරුණ සමිති වල ඒ් වගේම සමාජයේ බොහෝ තැන්වල ජාතික සහ ප්‍රාදේශීය මට්ටමෙන් විශාල සංවිධාන ගණනාවක ක්‍රියාකාරී වී තිබෙනවා.ඒ් නිසාම අපේ ජීවිත වලට ඒ් අරගල කිරීමේ ස්වරූපය නිසා තර්ජන පැමිණි අවස්ථාත් තියෙනවා.
අපි කවදාමවත් දේශපාලන පක්ෂයකට වැඩකරපු අය නෙමෙයි. අපි විශ්වාස කළා මේ රට වෙනස් කරන්න නම් මේ රටේ  සිස්ටම් වෙනස් කරන්න ඕනා කියලා.

ඇයි මම මීගමුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ?

මට හිතෙනවා මේ මීගමුව කියලා කියන්නේ අතිශයින්ම විශේෂ සුවිශේෂ වූ ප්‍රෙද්ශයක්.අවාසනවාක තරම අදත් සමහර මිනිස්සු කියනවා ඒ.සී.එක දාන්නේ නැතුව කාරෙකේ යනවා නම් , ජනෙල් ඇරගෙන යනවා නම් මේ යන්නේ මීගමුවෙන් කියලා කියන තරම් දුගඳ හමන නගරයක් බවට පත්වෙලා , මිනිස්සු කියනවා මේ යන්නේ මීගමුවෙන් කියලා.
අපේ පරමාර්ථය අපේ පාලන කාලය තුළදී මේ නගරයට ඇතුළු වෙන මිනිස්සුන්ට  සුන්දර සුවඳක් හමන , මේක ලස්සන නගරයක් , ලස්සන ප්‍රෙද්ශයක් කරන්න.හැබැයි ඒක මීගමුවට සීමාවෙච්ච එහෙම නැත්නම්  නගරයට සීමා වෙච්ච  එහෙම බලාපොරොත්තුවක් නෙමෙයි.

කවුද මේ නගරය අවලස්සන කළේ ?
සමස්තයම මේ මුළු රටම කුණු වෙලා ඉවරයි.සහෝදරවරුනි මම ඔබට කියන්නේ මේක කුණු කරපු රටක්.කවුද ඒක කුණු කෙරුවේ කියලා ඔබට විස්තර කරන්න ඕනා නෑ. පහුගිය කාලේ මැතිවරණය පුරාම ඒ කවුද කියලා ජනතාව දැනුවත් කළා. ඒ අනුව ජනතාව තීරණය කළා ඒ කවුද කියලා. මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාව අපේ ජනාධිපති කෙරුවා. ඔහුව ජනාධිපති කරවිමට විරුද්ධව මොනතරම් බලපෑම් තිබුණද කියලා.අපි දන්නවා මීගමුව ඇතුලෙම කොච්චර බලපෑම් තිබුණද කියලා. කවුද ඒ බලපෑම් කලේ.
බලපෑම් කලේ මේ නගරයේ, මේ  රටේ තරුණයින්ව විනාශ කරපු මිනිස්සු. තමන්ගේ පටු පරමාර්ථ මත  අප නගරය උගසට තියලා මහා ධනපති වෙච්ච මිනිස්සු. අද ඔවුන්ට අත්වී ඇති ඉරණම ඔබට තේරෙනවා ඇති. අපි මොකුත් කලේ නෑ. ජනතාව ඔවුන් පිළිබඳව තීරණයක් ගත්තා.මා ඔබට කියන්නේ  මෙන්න මෙච්චරයි.
එක තැනකට පමණක් ඒක ලඝු කරලා  රටක සංවර්ධන සැලැස්මක් හදන්න බැහැ. මේක මැක්‍රෝ ප්ලෑන් එකක් වෙන්න ඕනා. ඉතින් මම හිතනවා මේ වෙලාව වනවිට අපි සේරම එතන ඉන්නවා. ජාතික ජනබලවේගය විධායක කමිටුවේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විදිහට අපිට අවස්ථාව ලැබුණා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන 35කට අධික විෂයන්ට යම් යම් දායකත්වයක් දෙන්න. ඒ වගේ අපි සාකච්ඡා කළා හැම ගමකම හැම කොට්ඨාශයකම තියෙන ප්‍රශ්න  එකින් එක ඉහළට අරන් ඇවිල්ලා ඒවා ජාතික මට්ටමට ගේනකම්.

ඉතින් මීගමුව විශේෂ වෙනවා , පුංචි රෝමය කියලා මිනිස්සු දුවගෙන ආපු , මේ රටට එන සංචාරකයෝ ඉස්සර වෙලාම  මීගමුව  අතහැරලා ගියා. මේකට හේතුව මොකක්ද?  අක්‍රමවත් සැලසුම්. අපිට අදටත් මතකයි අපේ උසස් පෙළ ගුරුවරයා අපිට කියනවා , අපේ භු විද්‍ය උගන්නපු අපේ ගුරුවරයා කියනවා මීගමුව කියන්නේ මුහුදු මට්ටමට වඩා අඩුවෙන් පිහිටා තිබෙන නගරයක්. ප්‍රෙද්ශයක් කියලා. මේ නගරය සංවර්ධනය කරන්න බෑ මේ භූගෝලීය තත්ත්වයන් තේරුම් ගන්නේ නැතුව.ඒක අවබෝධ කරගන්නේ නැතුව. කාණු පද්ධතිය හැදුවත් කාණු පද්ධතිය ගලාගෙන යන්නේ  නැහැ , මුහුදු මට්ටමට අඩුවෙන් තියෙනකොට. එහෙම නම් අපිට ඒවට විකල්ප තියෙනවා. බලන්න නෙදර්ලන්තය වැනි රටවල්, ප්‍රංශය වැනි රටවල් හොංකොං වැනි රටවල්. ඒවාවිද්‍යාත්මක සැලසුම් අනුව තමයි සකස් කලේ. අපි කියන්නේ අපිට තියෙනවා ඒ දක්ෂතාවය. අපේ කණ්ඩායමට තියෙනවා ඒ දක්ෂතාවය.
මට අභිමානයෙන්  කියන්න පුලුවන් මේ වන විට මීගමුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න මගේ අනිත් සහෝදරයා ගම්පහා දිස්ත්‍රික්කයට ඉදිරිපත් වෙලා ඉන්න මා සහ ඔහු ඇතුළු 22 නාම විවිධාකාරයේ අත්දැකීම් තියෙන විශේෂඥ සහ පළපුරුදුකම් තියෙන මිනිස්සු.

මට අවුරුදු 40ක සමාජය පිළිබද පළපුරුද්දක් තියෙනවා , වානිජ විද්‍යාව පිළිබදව මම කරලා තියෙන විෂයන් පමණක් නොවෙයි අපි කරලා තියෙනවා තරුණ කටයුතු, ළමා කටයුතු ,සමාජ සංවර්ධන කටයුතු , ඒ වගේ දේවල් ගැන විශාල අවබෝධයකින් මා වගේම මේ විසි දෙදෙනාටම තියෙනවා. ඒ නිසා අපිට ලොකු ශක්තියක් තියෙනවා. දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ, ඒ දැනුම සම්භාරය,ඒ අත්දැකීම් සම්භාරය , එඒ කාර්්‍යභාරය කිරීමට තිබෙන ආසාව කැපීවීම තියෙන කණ්ඩායමක්  නියත වශයෙන්ම  අනිවාර්යයෙන්ම මාලිමාව තුළට යැවිය යුතුයි. එසේ ගෙනයාමේදී ඔවුන් හැමදෙනාම බලාපොරොත්තුවී තිබෙන  ඒ ලස්සන රට නියත වශයෙන්ම ගොඩනගනවා. ඒ වෙනුවෙන් අපි පෙළගැසෙමු කියන ආරාධනය සහ ගෞරවනීය ආයාචනය මා ඔබගෙන් කරනවා.

පාස්කු ප්‍රහාරය මුල්කරගෙන දේශපාලන වාසි ගන්න උත්සාහ කරමින් ඉන්නවා. පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉටුවෙයි කියලා.කතෝලික ධීවර ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙයිද ?

ජාතික ජනබලවේගය පාස්කු ප්‍රහාරයේ අවනඩුව විසඳනවා.  ඒක අපි විසඳනවා කියලා කියන්නේ බලය ගත්තට පස්සේ නොවෙයි. බලය ගන්න කලින්මයි.ඔබ දන්නවා ඇතැයි මා සිතනවා ,පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩු 13කට ආසන්න ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒවායින් එක නඩුවක් දැමීම සඳහා  ජාතික ජන බලවේගයට සම්පූර්ණ අනුග්‍රහය දැක්වූයේ ඒ ස්වෙච්ඡා සංවිධානයක් විදිහට කටයුතු කරපු මා නියෝජනය කරන ආයතනය සහ ඒ සඳහා පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ නීතිඥ මහත්වරු.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අප බොහොම පැහැදිලි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වසරේ අප්‍රේල් 17 වෙනිදා කතෝලික සභාවේ කාදිනල්තුමා ඇතුළු සියලු රදගුරුවරුන්ට අපි ඉදිරිපත් කරලා තියෙනවා.අපි පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා ,ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා.

පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආපු පක්ෂයක ලොකු තනතුරු දරපු මේ පළාතේ සිටින සමහර දේශපාලනඥයෝ කෑ ගහන්න පටන් අරන් තියෙනවා පාස්කු ප්‍රහාරය ගැන.අපි අහනවා එතුමන්ලාගෙන් ඒ අය ඒ අවුරුදු ගානම පක්ෂය ඇතුලේ ඉදගෙන මොනවද කෙරුවේ කියලා. කිසි දෙයක් කරන්න බැරිවුනා. වැරදි කාරයෝ ඉන්නේ තමන්ගේ පක්ෂයේ නිසා තමන්ට කට වහගෙන ඉන්න සිද්ධ වුනා.
ජාතික ජනබලවේගයට මේකේ හංගන්න කිසිදෙයක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු විගස කරපු පළවෙනි වැඩේ තමයි පාස්කු ප්‍රහාරය විමර්ශනය කරමින් හිටපු ශානි අබේසේකර සහ රවි සේනානායකව ඔවුන්ගේ තනතුරුවලින් අයින් කරපු එක. ඒකට හේතුව තමයි ඔවුන් සත්‍ය හෙළිකරමින් සිටීම. ඒ නිසා ඔවුන්ට හිරගෙවල් වලට පවා යන්න සිද්ධවුනා.ජාතික ජනබලවේගය විසින් පාස්කු ප්‍රහාරය ගැන සෙවිමට විශේෂ විමර්ශක ඒකකයක් පත්කරලා තියෙනවා. බොහොම කෙටි කාලකින් පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවෝ කවුද කියන එක අපි ජනතාවට කියනවා.