මළවුන්ගේ දිනය වෙනුවෙන් මලින් සැරසෙන මිගමුව ……..

0
318

 

සෑම වසරකම නොවැම්බර් 02 දාට යෙදෙන  මෙලොවින් නික්ම ගිය සියලු ඇදහිලිවන්තයින්ගේ ස්මරණෝත්සවය හෙවත් මළවුන්ගේ දිනය වෙනුවෙන් බොහෝ කතෝලිකයින් දින කිහිපයක සිටම සූදානම් වන ආකාරය දැකගත හැකි විය.          

                   තමන් හැරදා මෙලොවින් නික්ම ගිය දෙමාපියන් සහෝදර සහෝදරියන් සහ ඥාතීන් හිතවතුන් සිහිකිරීම සඳහා ඔවුන් භූමදානය කළ සුසාන භූමි සුද්ද පවිත්‍ර කිරීම, එලෙසම ඔවුන් වල දැමූ ස්ථාන සුද්ද පවිත්‍ර කර අලංකාරණය කිරීම මෙම මළවුන්ගේ දිනයට පෙර සිටම සිදුවන ක්‍රියාවලියකි.

                එලෙසම මළවුන්ගේ දිනයේදී  සුසාන භූමි වල පැවැත්වෙන කතෝලික දේව මෙහෙයන් සඳහා  බොහෝ කතෝලිකයින් දැල්වීමට ඉටිපහන් මෙන්ම මල් වලින් සැකසූ විවිධ මල් සැරසිලි සහ මල් කළඹ රැගෙන යති.

            අද දිනයේ මීගමුව නගරයේ ද ස්ථාන කිහිපයකම මළවුන්ගේ දිනය නිමිත්තෙන් මල්, සහ  මල් කළඹ  මල් සැරසිලි අලෙවි කරන ස්ථාන කිහිපයක්ම දක්නට ලැබුණි.විශේෂයෙන්ම කොප්පරා මන්සන්ධියේ සිට පෙරියමුල්ල දෙසට යන විට එලෙස මල් කළඹ සහ මල් සැරසිලි අලෙවි කරන ස්ථාන කිහිපයක්ම තිබෙනු දක්නට ලැබිණි. බොහෝ පිරිසක් අද උදෑසන සිටම එලෙස මල් සහ මල් සැරසිලි මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන ආකාරයද දැකගත හැකි විය.

img 20241101 wa00813646653342615932806
img 20241101 wa00805470758672454394377

                මල් සැරසිලි  මිලදී ගැනීමට පැමිණ සිටි කඩොල් කැලේ ප්‍රදේශයේ වෙසෙන වෘත්තියෙන් ගුරුවරියක් වූ අනෝජා මහත්මිය සඳහන් කළේ පසුගිය වසර කිහිපයට වඩා මෙවර මල් සැරසිලි වල මිල ගණන් යම් ආකාරයකින් වැඩි වී ඇති බවයි. එමෙන්ම ඇය පැවසුවේ, මල් අලෙවි කරන ස්ථානවල වෙනත් වසර වලට වඩා මල් සැරසිලි සඳහා විවිධ වූ මල් වර්ග වැඩි  ප්‍රමාණයක් තබා ඇති ආකාරය දැක ගැනීමට හැකි වූ බවයි.

img 20241101 wa00783072683024251012530
img 20241101 wa0076521384313047243560
img 20241101 wa00742759738461345715076

      එලෙසම මල් සැරසිලි මිලදී ගැනීමට පැමිණ සිටි එක්තරා ත්‍රී රෝද රථ රියදුරෙකු පැවසුවේ, මල් වල මිල ගනන් එතරම් වැඩි වී නොමැති බවයි. එලෙසම ඔහු පැවසුවේ මල් මිලදී ගැනීමට ද වැඩි පිරිසක් උනන්දු වන බවයි.

අප වෙත අදහස් දැක්වූ නම හෙළි නොකළ මැදි වයසේ කාන්තාවක් පැවසුවේ තමන්ගේ මියගිය ඥාතීන් සිහි කරන්නට මිලදී ගන්නා මල්වල මිල සම්බන්ධයෙන් එතරම් තැකීමක් හා උනන්දුවක් නොදක්වන බවයි.එහිදී අය ප්‍රකාශ කළේ ” මල්වල ගාන කීය කිව්වත් අපි සල්ලි වලට ගන්නවා.මොකද අපිට අපේ මැරුණු අයව සිහිකරන්න වෙන විදිහක් නෑ . ඒක නිසා මල්වල ගණන් කීය කිව්වත් අපි ඒවා ගන්නවා.””.  යනුවෙනි.

img 20241101 wa0067549599979776675396
img 20241101 wa00687434645914464390433
img 20241101 wa006568957579526269629

             මළවුන්ගේ දිනය නිමිත්තෙන් මීගමුව පුරවරයේ මල් අලෙවි සැල් පවත්වාගෙන යන බොහෝ දෙනෙකු මළවුන්ගේ දිනයට පමණක් මල් අලෙවි සැල් කරන අයයි.එලෙසම  මීගමුවේ  දැනට  කලක පටන් ස්ථාපිත මල්ශාලා කීහිපයකද මළවුන්ගේ දිනය නිමිත්තෙන් මල් කළඹ සහ විවිධ වූ මල් සැරසිලි අලෙවි කිරීමට යොමුවී ඇති ආකාරයද දැක ගත හැකි විය. එලෙස සෑහෙන කලක පටන් මංගල සහ අවමංගල කාර්යයන් සඳහා මල් අලෙවිකරණයේ යෙදෙන  ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ නුවරඑළිය වැනි කඳුරට ප්‍රදේශවලින්  ලැබෙන මල්වල මිල ගණන් පෙර වසර වලට සාපේක්ෂකව මේ වසරේ  වැඩි වී නොමැති බවයි.
                 මීගමුවේ මෙලෙස මළවුන්ගේ දිනය නිමිති කරගෙන මල් අලෙවි සැල් කිහිපයකම විවිධ මල් යෙදූ මල් කළඹක අවම මිල වූයේ රුපියල් 500කි. රුපියල් 500 සිට රුපියල් 15,000 ක්, 25000 ක් දක්වා අධික මිල ගණන් වලින් යුත් මල් සැරසිලිද  එක් අලෙවි සැලක ඇනවුම් පිණිස නිර්මාණය කර තිබෙනු දැක ගත හැකි විය. මේ අනුව මිල අධිකම මල් වර්ග වූයේ රෝස සහ ඕකිඩ් හෙවත් උඩවැඩියා මලින් නිර්මාණය වී තිබූ මල් සැරසිලි ය.

                     පසුගිය වසර වල මෙන් මේ වසරේද මළවුන්ගේ දිනය වෙනුවෙන් මීගමුවේ  මල් සැරසිලි අලෙවි කරන බොහෝ තැන්වල ඒ මල් සැරසිලි වැඩිපුරම නිර්මාණය කර තිබුණේ ඕකිඩ්, ජේබ්බ්‍රා, රෝස , ඇස්ටමේනියා , ඩේසි , ක්‍රිෂාන්ති ,.ලිලී සහ ත්‍රිෂාන්ති මම්ස් වැනි මල් වර්ග  වලිනි.

              සමස්තයක් ලෙස ගත්විට අප වෙත අදහස් දැක්වූ කිහිපදෙනෙකුම ප්‍රකාශ කළේ වෙනත් වසර වලට වඩා මෙම වසරේ මළවුන්ගේ දිනය නිමිත්තෙන් මල් හා මල් සැරසිලි මිලදී ගන්නට මීගමුව නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල කතෝලික ජනතාව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here