read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….

1
96

readමීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින්   මහන්සි වි , තොරතුරු  සොයා පළකරන  පුවත් කිසිදු  මාධ්‍ය සදාචාරයකින්  තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ.
මේ ගොන්නට අලුතින්ම එකතු වන්නේ  read sri lanka නම් වෙබ්  අඩවියයි.
පුවත පළකිරිමේදිම එය උපුටා ගැනිමක් නම් එය සදහන් කිරිම මුලික සදාචාරයකි.
එසේ නොවන්නේ නම් සිදුවන්නේ හොරකමෙන් පසු පොලිසිය හොයන නිසාත් අහුවෙන බව ෂුවර් එකටම දන්න නිසාත් හොරකම් කරපු බඩුව හොරෙන්ම අාපහු ගෙනත් දැම්මා වැන්නක්ය.
අපගේ පුවත් වැඩි දෙනෙකුගේ දැනගැනිම සදහා යොදාගැනිම අපේ අගේ කරන්නෙමු. එහෙත් මාධ්‍ය සදාචාරයට එකඟව සිදුවිය යුතුය.
මේ අයට අප කියන්නේ www.meepura.com වලින් උපුටා ගැනුනි යැයි කිමට සදාචාරාත්මක වන ලෙසය.
එසේ නොවන්නෝ පුවත් හොරකම් කර අනුන්ගේ මහන්සියෙන්  තමන්ගේ වෙබ් අඩවිය ගොඩදාගන්නට හදාගන්නෝ වෙති.
එමෙන්ම අන්තර්ජාලය සවියක් කරගනිමින් ලබාගන්නා තොරතුරු  උපුටා ගැනීම් ලෙස සදහන් නොකරන්නේ නම් ඒවා   මංකොල්ලකෑම් වර්ගයට අයත් වේ. ( online crimes)
මේ අය විසින් පළකරනු ලබන බොහෝ පුවත් වැඩිදෙනෙකුගේ අවධානයට යොමු  නොවන බව දැනේනේ මෙු වෙබ් අඩවියේ    alexa rate විමසා බැලිමේදිය.
අද දිනයේ ඔවුන් සිටින්නේ ලංකාවේ 2680 වෙනි වෙබ් අඩවිය ලෙසිනි. ලෝකයේ 820876 ලෙසය.
වෙබ් අඩවි වැඩිදෙනෙක් කියවන පුවත් මහන්සි වි සොයා තමන්ගේ වෙබ් අඩවිය ජනප්‍රිය කරගන්න මහන්සි වෙන්න.