මිගමුව නොනිදන නගරයක් කළ යුතුයි ! හෝටල් ව්‍යාපාරිකයන්ගෙන් වෛද්‍ය හෙන්රිට යෝජනාවක් !

0
256

මීගමුව සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයින් ජන බලවේගයේ වෛද්‍ය හෙන්රි හමු වෙයි.

මීගමුව,ආසනයෙන් ,ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේග පක්ෂයෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින වෛද්‍ය හෙන්රි රොසාරියෝ ප්‍රනාන්දු මහතා සහභාගී වු ව්‍යාපාරික හමුවක් පසුගිය 05 වැනි දින (11/05) සවස පැවැත්විනි.

img 20241106 1410279095548491291919087

img 20241106 wa0016 017179157801394387413

img 20241106 140938 015877545727065702984

මීගමුව, ඒත්තුකාල , ග්‍රෑන්ඩ් ඕෂන් පාර්ක් හෝටලයේ පැවැති මෙම ව්‍යාපාරික හමුව සඳහා සහභාගි වී සිටියේ මීගමුව සංචාරක කලාපය තුළ සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරකින් පිරිසකි. මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, ඒත්තුකාල පෝරුතොට සහ පළඟතුරේ ඇතුළු මීගමුව වෙරළ කලාපය තුළ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් පොදුවේ මුහුණ දෙන ගැටළු ,කරනා සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානයක් යොමු කෙරිණි.

img 20241106 wa0046 016871513518037762783

img 20241106 1409002767846505513250877

එලෙසම සංචාරක කර්මාන්තය තුළ නියැලෙන මෙම ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් පොදුවේ මුහුණ දෙන මෙම ගැටළු සඳහා තම රජයක් යටතේ ලබා දිය හැකි විසඳුම් යෝජනා සම්බන්ධයෙන්ද මෙහිදී වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා ඇතුළු ජාතික ජන බලවේග පක්ෂයේ කිහිපදෙනෙකු අදහස් දැක්වීය.
එලෙසම ඉදිරි කාලයේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් මීගමුව සංචාරක කලාපයට ලබා ගැනීම පිණිස සිදු කළ යුතු වැඩ කටයුතු සහ මිගමුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දැන් තිබෙන තත්ත්වයට වඩා දියුණු තත්වයකට ගෙන ඒමට ප්‍රවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
ඒ අනුව මෙම විශේෂිත හමුව සඳහා සහභාගි වූ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට සිය අදහස් දැක්වීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව සලසා දී තිබුනි.

මෙම විශේෂිත හමුවේදී වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා ඇතුළු ජාතික ජන බලවේග පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ විද්වත් කමිටුවේ සාමාජිකයන් වන නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා සහ හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යවසායයෙකු වු චාමර මහතාද රැස්ව සිටි පිරිස අමතා අදහස් පල කලහ.
මේ විශේෂ හමුවේදී වැඩි වශයෙන්ම කතාබහට ලක් වුයේ මෙම සංචාරක හෝටල් කලාපය පිහිටි වෙරලාශ්‍රිත ප්‍රදේශයේ ඇති පිරිසිදුභාවය හා පවිත්‍රතාවය පිළිබඳවයි.

එලෙසම මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ස්වභාවික පරිසරයට සිදුවන හානි අවම කරගනිමින් චිරාත්සායි සංවර්ධනයක් තුළින් මෙම කලාපය දියුණු කළ යුතු යැයි මෙහිදී යෝජනා විය. එලෙසම මෙම කලාපය තුළ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මීගමුව මහ නගර සභාවට විශාල කාර්යභාරයක් පැවරෙන බවද මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාගේ අදහස විය.එමෙන්ම සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමට නම් මීගමුව නගරය ඇතුළු ප්‍රදේශය නොනිදන නගරයක් ලෙස සකස් විය යුතු බවද මෙහිදී කතා කළ බොහෝ දෙනාගේ අදහස විය.

මේ හමුවේදී මතු වූ කරුණු කාරණා සහ යෝජනා පිළිබඳව මෙම හමුව අවසානයේ අදහස් දැක්වූ වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා ප්‍රකාශ කළේ එළඹෙන මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වන ජන බලවේග රජයක් යටතේ මේ සියලු කරුණු කාරණා වෙනුවෙන් විසඳුම් ලබාදෙමින් මීගමුව ප්‍රදේශය තුළ සංචාරක කර්මාන්තය දැනට වඩා වැඩි දියුණු කිරීමට තමන් මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි.

මෙම විශේෂිත ව්‍යාපාරික හමුව සම්බන්ධීකරණය කරමින් සංවිධානය කර තිබුණේ ඒත්තුකාල ප්‍රදේශයේ වෙසෙන ධම්මික රණසිංහ මහතා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here