කැඩුම් බිදුම් වෙදකමටත්, සර්වාංග වෙදකමටත් මීගමුව පුරවරයේ සත් ඔසු වෙද මැදුරට එන්න. ….
අපේ එදිනෙදා ජීවිතයේ හදිසියකදී නැතහොත් නොසිතපු වෙලාවකදී සිදු විය හැකි අත්-පා කැඩීම් බිඳීම්, පිපිරීම් උළුක්කු ආදී කුමන හෝ හදිසි තත්වයකදී බොහෝ විට අපට සිහිපත් වන්නේ සිංහළ කැඩුම් බඳුම් වෙදකමයි. සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරන වෙදදුරන් සහ ස්ථාන අප සමාජයේ කොතෙකුත් තිබුණත් කැඩුම් බිඳුම් වෙදකම නියමාකාරයෙන් දන්නා වෙදදුරන් ඉන්නේ ඉතාම අල්ප පිරිසකි.
සිංහල කැඩුම් බිඳුම් වෙදකම යනු න්‍යායාත්මක දැනුමකට වඩා එහා ගිය ප්‍රායෝගික පලපුරුද්ද සහ අත්දැකීම් මත ගොඩනැගුණු වෙදකමකි. එලෙසම මෙම වෙදකම බොහෝ විට පාරම්පරිකව පිහිටන වෙදකමක් ලෙසද ප්‍රචලිතය. එලෙසින් පාරම්පරිකව ලද දැනුමත් එලෙසම පලපුරුද්ද සහ අත්දැකීම් මත මෙන්ම රජයේ අනුමත පිළිගත් ආයතන හරහා කැඩුම් බිඳුම් වෙදකම ඇතුළු සිංහල ආයුර්වේද සර්වාංග වෙදකම ප්‍රගුණ කරගත් මීගමුව පුරවරයේ වෙසෙන දක්ෂ වෙද මහතෙකු පිළිබඳව තැබෙන සටහනකි මේ.
ඔහු ආයුර්වේද වෛද්‍ය,කැඩුම් බිදුම් විශේෂ, සර්වාංග රෝග වෛද්‍ය ජේ. සමන්ත නාමල් ජයවීර මහතාය. ඔහු ප්‍රතිකාර කරන වෙද මැදුර හඳුන්වන්නේ “සත් ඔසු” වෙද මැදුර නමිනි.
සිය පියාගේ බාප්පා කෙනෙකු වූ නොවෙසේ නම් ඔහුගේ ඥාති සීයා කෙනෙකු වූ පෙමියානු නැමැති පාරම්පරික වෙද මහතාගේ ආභාෂය තුළ ඔහු සිංහල කැඩුම් බිඳුම් වෙදකම ප්‍රගුණ කළේය. එමෙන්ම ඔහු මීගමුව නගරයේ එකල “පුලස්ති” නමින් හැඳින්වූ මීගමුව ආයුර්වේද සංගමයට අනුයුක්තව තිබූ අයුරුවේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිංහල සර්වාංග වෙදකම ගැන ප්‍රගුණ කළේය.
එයින් ලද න්‍යායාත්මක දැනුම මත පසුව ඔහු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ස්ථාපිතව තිබූ ධර්මසේන ආරෝග්‍ය ශාලාවේ අධිපති ධර්මසේන වෙද මහතාගෙන් ද සර්වාංග රෝග පිළිබඳව සහ ඒ හා සබැඳුණු සිංහල ආයුර්වේද වෛද්‍ය ශිල්පය පිළිබඳව වැඩිදුරටත් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව අධ්‍යනය කළේය. ඒ නිසාවෙන්ම ඔහුට පාරම්පරිකව දායාද වූ සිංහල කැඩුම් බිදුම් වෙදකම සේම සර්වාංග අයුරුවේද වෛද්‍යවරයෙකු ලෙසද ඔහු සමාජය තුළ වඩාත් ප්‍රකට විය.
“”අපේ පරම්පරාවේ වෙදකම තිබුණට මගේ පියාගේ පාර්ශවයෙන් වෙන කවුරුවත් මේ වෙදකමට යොමුවුණේ නෑ. ඉතින් මට තදබල ආශාවක් තිබුණා විශේෂයෙන්ම කැඩුම් බිඳුම් වෙදකම ගැන. මගේ ඥාති සීයගේ ආභාෂයත් මට තිබුණා.මට හුඟක්ම උවමනා වුනේ මගේ මේ පරම්පරාවෙන් ලද ආභාෂය රැකගෙන ජනතාවට මේ වෛද්‍ය ශිල්පිය හරහා යමක් කරන්න””.
සමන්ත නාමල් වෙද මහතා මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ කෝන්ගොඩ මුල්ල කනිෂ්ට විද්‍යාලයෙන් සහ මිරිස්වත්ත කනිෂ්ට විද්‍යාලයෙනි. ඉන් පසුව අපොස සාමාන්‍ය පෙළ දක්වා තිබිරිගස්කටුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව මීගමුව පුලස්ති ආයුර්වේද මධ්‍යස්ථානයට සම්බන්ධව වසර දහයක පමණ කාලයක් සිංහල ආයුර්වේද වෛද්‍ය ශිල්පය හදාරා ඇත.වයස් අවුරුදු 18 දී පමණ සිංහල වෙද දුරෙකු බවට පත් වූ සමන්ත නාමල් මහතා වඩාත් ඇලුම් කලේ සිංහල කැඩුම් බිදුම් වෙදකමටයි.
“”මේ කැඩුම් බිදුම් වෙදකමට ඒ කාලේ කියන්නේ ගස් වෙදකම කියලා. ඒ මොකද කියනවා නම් ගස් වැල් වල කොළ මල් ගෙඩි අතු, පොතු, මුල් උපයෝගී කරගෙන සාදන විවිධ වු තෙල්, තැවීම් මැල්ලුම් පත්තු, කසාය ආදිය තමයි රෝගියා සුවපත් කරන්නේ. ඒ කියන්නේ කැඩුම් බිඳුම් වෙදකම කියලා කියන්නෙම ස්වභාවධර්මය තුළින් ලැබෙන සුවයක් කියලා කිව්වොත් නිවැරදියි. ගස් වැල් වල පංචාංගයම මිනිස් සිරුරට අවශ්‍ය බෙහෙත් හේත් සපයනවා කියලා කිව්වොත් මම වඩාත්ම නිවැරදියි””.
ඔහු පවසන පරිදි සිංහල සර්වාංග වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමිවන වෙදකමක් ලෙස කැඩුම් බිඳුම් වෙදකම හැඳින්විය හැක. සර්වාංග වෙදකම තුළ කැඩුම් බිදුම් වෙදකම “ශල්‍ය” අංශයට යොමුවුණු වෙදකම ලෙසද හඳුන්වන බව ඔහු පවසයි. එලෙසම ඔහු වැඩිදුරටත් පවසන්නේ මහා භාරතයේ විසූ “ධන්වන්තරී” නමැති ඍෂීන් වහන්සේගෙන් කැඩුම් බිදුම් වෙදකම පැවත එන බවයි.
අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන අනතුරු වගේම මග තොට යන එන විටදී සිදුවන හදිසි අනතුරකදී අතකට හෝ පයකට දැඩි හානියක් සිදුවුවහොත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නම් රින්ග්ස් හෝ ප්ලේට්ස් දැමීම සිදුකරයි .එහෙත් සමන්ත නාමල් වෙද මහත්මයා නම් පවසන්නේ එවැනි බරපතල තත්ත්වයක් වුවද සිංහල කැඩුම් බිඳුම් වෙදකම තුළින් පෙර තිබූ ලෙසම බරපතල ලෙස හානියට පත් අත පය විශ්මිත ලෙස යලි සකස් කළ හැකි බවයි.
“” රින්ග්ස් දාලා ප්ලේට්ස් දාලා ,ශල්‍යකර්ම වලට භාජනය කරලා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව හදිසි අනතුරට ලක් වූ අයකුට ප්‍රතිකාර කරලා සුව අතට පත් කෙරුවත් ඒ අවයව මුලින් පැවති ආකාරයට ගෙන එන්න අමාරුයි. ඒකේදි විවිධ විවිධ වේදනාවන් අමාරුකම් හරි හැටි අවයව නොපිහිටීම් වගේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් සිංහල කැඩුම් බිඳුම් වෙදකම තුළ මෙවැනි තත්ත්වයක් සුව අතට පත්වෙන්න කාලයක් ගත වුනත් ආයෙත් කිසිදු ඇදක් කුදක් නොමැතිව, අමාරුවක් වේදනාවක් නැතුව අර මුලදී තිබුණ වගේම තමන්ගේ ඒ අවයව විශේෂයෙන්ම අත් කකුල් ඒ ආකාරයෙන්ම සකස් කර ගන්න පුළුවන්. හැබැයි මේතනදි රෝගියාට වෙදකම වගේම හෙදකමක් තිබිය යුතුයි.
දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් මේ අපේ අතේ තියෙනවා අස්ථි දෙකක් ,”අන්වර අස්ථිය “සහ “අර අස්ථිය ” කියලා දැන් මේ දෙක එහෙම කැඩුනොත් අපි කරන්නේ අත හදලා පතුරු තියලා අපි හොඳට ඒක බඳිනවා, එතකොට ඒ රෝගියා ඒක පරිස්සම් කරගන්න ඕනා. අත් එහාට මෙහාට හොල්ලන් නැතුව පතුරු ගලවා ගන්නේ නැතුව ,ඉතින් එහෙම තියාගන්නේ නැතුව රෝගියාට ඕන විදියට ඒක ගලවාගෙන කරගෙන හිටියොත් ඒ අතේ අස්ථි ඇදව තමයි පිහිටන්නේ.. කැපකිරීමක් කරන්න ඕන එක තමයි මං කිව්වේ වෙදකම වගේම හෙදකමත් මෙතනදී වැදගත් වෙනවා කියලා “”
හදිසි අනතුරක් වැනි අවස්ථාවකට මුහුණ දුන් කෙනෙකුගේ හානි වූ තමන්ගේ අතපය පෙර පැවැති ලෙස යළිත් සකස් කර ගැනීමට සිංහල කැඩුම් බිදුම් වෙදකම තුළ අදාළ පුද්ගලයාගේ ශරීර ශක්තිය,සහ වයස මූලිකව බලපානු ලබන බව සමත්ත වෙද මහතාගේ අදහසයි. තරුණ කෙනෙකුගේ ඇට සහ අස්ථි ඉක්මනින් සම්බන්ධ වෙන අතර,ළමා වයසේ සිටින අයට ඇත්නේ නැමෙන සුළු අස්ථි නිසා ඔවුන්ගේද ඇට සහ අස්ථි ඉක්මනින්ම සම්බන්ධ වේ .එහෙත් වයෝවෘද්ධ මහලු වයසේ සිටින අයට ඔවුන්ගේ ඇට සහ අස්ථි සම්බන්ධ වීමට යම් ප්‍රමාදයක් සිදුවූවත් එවැනි අයවද සිංහල කැඩුම් බිඳුන් වෙදකම තුළ සුවය ලබා දිය හැකි බවයි සමන්ත වෙද මහතාගේ අදහස වන්නේ.
සිංහල කැඩුම් බිදුම් වෙදකමට අමතරව සිංහල සර්වාංග වෙදදුරෙක් නිසාම සමන්ත නාමල් වෙද මහතා දනිස් අමාරුවෙන් පෙළෙන රෝගීන් සඳහා විශේෂ දේශීය ප්‍රතිකාර ක්‍රමයක් තුල සුවය ලබාදීමේ කාර්යයකද නිරත වෙයි.
“”සමහර අයගේ දණිස් වේලලා තියෙනවා. දණිස් වේලිලා තියෙනවා කියලා කියන්නේ ඒ දනිස් වල මැරබොන්ස් එක එහෙම නැත්නම් ඒ ජෙල් එක ක්ෂය වෙලා. අපේ ප්‍රතිකර්මයක් තියෙනවා ඒ මැරබොන්ස් නැවත වර්ධනය කරන්න පුළුවන්. තෙල් සාත්තුවක් ලබාදීලා, තැවිලි පොට්ටනි ආධාරයෙන් ඒ ප්‍රතිකාරය ටික කාලයක් කළහම ඒ දනිස් වල මැරබෝන්ස් නැවත වර්ධනය වෙනවා. ඒ වගේමයි සමහර අයට උදේ අවදි වුනහම විළුඹ බිම තියන්න බෑ. විශාල වේදනාවක් දැනෙනවා.ඒ වගේ තත්ත්වයක්ද අපිට නිට්ටාවටම සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ රෝගී තත්ත්වයන් අද සමාජයේ බොහොම සුලභයි””
සිංහල කැඩුම් බිඳුම් වෙදකමට සහ සිංහල සර්වාංග රෝග වෙදකමට අවශ්‍ය කරන තෙල් බෙහෙත් කසාය වගේ දේවල් සියල්ලක්ම සකස් කළ යුත්තේ ඖෂධීය ගස් වැල් වල විවිධ කොටස් උපයෝගී කරගෙනය. මෙහිදී සමන්ත නාමල් වෙද මහතා ඇතුළු බොහෝ සිංහල සහ ආයුර්වේද වෙදදුරන් මුහුණ දෙන ප්‍රධාන ප්රශ්නය වන්නේ එවැනි ගස්වැල් මේ වනවිට අප පරිසරය තුළ විනාශ වී තිබීමයි. අල්ප වශයෙන් හෝ සුරැකිව ඇති එවැනි ඖෂධීය වටිනාකමකින් යුත් ගස් වැල් පිහිටි ස්ථාන ද සොයා ගැනීම අද වන විට දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබේ. සමන්ත නාමල් වෙද මහතා ද පවසන්නේ එය ඉතා දුෂ්කර කාර්යයක් බවයි.
එහෙත් තමන් දන්නා අවට ප්‍රදේශවලින් තමා විසින්ම හඳුනාගෙන එවැනි ගස් වැල් වල කොළ මල් ගෙඩි අතු, පොතු, මුල් රැගෙන තමන්ගේ වෙද මැදුරේම ප්‍රතිකාර වලට අවශ්‍ය විවිධ වු තෙල් වර්ග තැවීම් මැල්ලුම් පත්තු, කසාය ආදි දේ සකස්කර ගන්නා බව ද ඔහු පවසයි.එලෙසම ඔහු පවසන්නේ තමන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා තෙල් වර්ග වැනි දෑ තමන් විසින්ම නැවුම්ව පිළියෙල කරගන්නා නිසා එම ප්‍රතිකාරවල ඖෂධීය ගුණය ඉතා ඉහළ බවයි. එනිසා එවැනි නැවුම් තෙල් ,තැවිලි මැල්ලුම් සහ පත්තු භාවිතය තුළින් රෝගියාට ඉක්මන් සුවයක් ලැබෙන බවයි ඔහු පවසන්නේ.
විශේෂයෙන්ම මම මේ තෙල් බෙහෙත් හදන්නේ මගේ සීයා භාවිතා කරපු ඉපැරණි පාරම්පරික වට්ටෝරුවලට අනුවයි. මම කඩවල් වලින් එහෙම නැත්නම් ඖෂධහල් වලින් මිලට අරගෙන මගේ ප්‍රතිකාර සඳහා මම මේ තෙල් බෙහෙත් ජාති භාවිතා කරන්නේ නැහැ. මට අවශ්‍ය තෙල් ජාති ඇතුළු අනෙකුත් සිංහල බෙහෙත් වර්ග මගේ සියා මිය යද්දී ඒ සියල්ලම පුස්කොළ පොත් වල ලේඛනගත කරල තිබුණා.
ඒ කියන්නේ මේ තෙල් බෙහෙත් හදන හැටි විතරක් නෙවෙයි සමහර රෝගී තත්ත්වයන් වල විස්තර, ඒ රෝග හඳුනා ගැනීම වගේ කරුණු කාරණා ඒ පුස්කොළ පොත් වල සඳහන්ව තියෙනවා. ඒ ඒ පැරණි පරම්පරාගත පුස්කොළ පොත් ඉතා සුරක්ෂිතව මාගේ ගාව තියෙනවා. දැන් විශේෂයෙන්ම සමහර කැඩුම් බිඳුම් රෝගීන් මගෙන් ප්‍රතිකාර ගන්න ආපුවම මම එයාගේ රෝගී තත්වය හරියට පැහැදිලි කරලා එයාලට ඒ ගැන කියනවා.
ඒත් සමහර රෝගීන් කියනවා කෝකටත් අපි එක්ස්-රේ එකක් අරගෙන බලමුද කියලා. මම ඉතින් එයාලට ඒ වෙලාවේදී විරුද්ධ වෙන්නෙ නෑ .පස්සේ එක්ස්- රේ එක අරගෙන ආපුවහම ,මම රෝගී තත්ත්වය ගැන කරපු විස්තරයයි ඒ එක්ස් රේ එකේ තියෙන විස්තරෙයි සමානයි. මේ සිංහල වෙදකම තුළ තියෙන පලවෙනි දේ තමයි ඔය වාර්තාවන් බලන්නේ නැතුව හරියට රෝගය මොකක්ද කියලා නිශ්චිතව හඳුනාගන්න පුළුවන් වෙන හැකියාව. ඒක තමයි සිංහල වෙදකම තුල තියෙන සහ සිංහල වෙදකම කරන වෙදෙකුගේ තියෙන නියම ගති ලක්ෂණය.
මේ අනුව ගත්කල සමන්ත නාමල් වෙද මහත්මයා ඔහුගේ මුල් සිංහල කැඩුම් බිදුම් බෙහෙත් ශාලාව ආරම්භ කර ඇත්තේ ඔහුගේ මුල් ගම වන මිරිස්වත්ත මංසන්ධියේදීය. එහි වසර දහයකටත් වඩා වැඩි කාලයක් සිංහල කැඩුම් බිදුම් වෙදකම සේම සිංහල සර්වාංග වෙදකම තුළින් ද ඔහු දහස් ගණනක් රෝගීන් සුවපත් කර ඇත.
ඉන් අනතුරුව විවාහයෙන් පසු ඔහු දැනට පදිංචිව සිටින මීගමුව මිහිඳු මාවතේ පිහිටි සිය බිරිඳට අයත් නිවසේ ඔහුගේ “සත් ඔසු” වෙද මැදුර ආරම්භ කර ඇත.එම “සත් ඔසු” වෙද මැදුරේදී පොහොය දින වල හැර ඉරිදා දිනවලත් ඇතුළුව සතියේ සෑම දිනකම ඔහුගේ “සත් ඔසු” වෙද මැදුරේදී දහවලේ සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඔහුව හමුවිය හැක.
“” මම දැන් මීගමුවේ මේ මිහිඳු මාවතේ “සත් ඔසු” වෙද මැදුර ආරම්භ කරලා වසර 20 ක පමණ කාලයක් වෙනවා. මම ජ්‍යොතිෂ වැඩ කටයුතුත් කරන නිසා නැකත් බැලිලි කේන්දර හදන වැඩ වලත් නිරත වෙන නිසා උදේ වරුව මම ඒ ජ්‍යොතිෂ වැඩ වලට යෙදවෙනවා. ඉන් පස්සේ දවල් 12.00 වාගේ ඉඳලා රාත්‍රී 8.00 පමණ වෙනකල් මම “සත් ඔසු” වෙද මැදුරේ ඉන්නවා. “”
“” මම බොහෝවිට මේ වෙදකම රැකියාවක් ව්‍යාපාරයක් විදිහට කරනවාට වඩා මම මේ තුළ නිරත වෙන්නේ සමාජ සේවාවක් හැටියට. සමාජයට යහපතක් කරන්න සමාජය සුවපත් කරන්න. ඉතින් මට ඉන්නේ දියණියක් පමණයි. එයත් මා යටතේ කැඩුම් බිඳුම් වෙදකම සහ සර්වාංග වෙදකම ඉගෙන ගන්නවා, .මම හිතනවා මගෙන් පස්සේ මගේ දියණිය මේ පාරම්පරික වෙදකම ඉදිරි කාලයේදී මම වගේම කරගෙන යයි කියලා. “”
ඉතින් ඔබටත්, සිංහල කැඩුම් බිඳුම් සහ සර්වාංග වෙදකම තුළ යම් ප්‍රතිකාරයක් හෝ වෛද්‍ය උපදෙසක් අවශ්‍ය නම් එමෙන්ම සුභ නැකත් සහ කේන්දර ආදී ජ්‍යොතිෂ වැඩ කටයුතු පිළිබඳව යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ” සමන්ත නාමල් ජයවීර” වෙද මහතා හමුවන්න.
ජේ.සමන්ත නාමල් ජයවීර වෙද මහතා
“සත් ඔසු” වෙද මැදුර
අංක 26.,
මිහිඳු මාවත (විදුලි වල මණ්ඩල ඉදිරිපිට)
මීගමුව.
දුරකථන අංක. 077 6145077