නීති විරෝධි නත්තල් කඩ සෙල්ලම ආයේ පටන් අරන් ?

0
153

(3.30 pm )නත්තල් කඩ කියන්නේ ලංසා පවුලට හිතවත් අය ගාන කඩපු තවත් වැඩක්.නත්තලට කඩ ටෙන්ඩර් කරන්නත් කලින්ම දායන් ලංසාගේ බඩියන් පිරිසක් මිගමුව පරණ රිගල් හෝල් එක තිබුන හරියේ නිති විරෝධි කඩ සෙට් එකක් ගහන්න පටන් අරන්.

ආරංචි විදියට තාම නත්තල් පොල සහ කඩ ටෙන්ඩර් කරලත් නැ. වැඩේ කියන්නේ රටේම වෙනසක් වෙලා තිබුනත් මිගමුවේ තාමත් ක්‍රියාත්මක වෙන්නේ ලංසලගෙ පවුල් පාලනය වගේ තමයි පේන්නේ . මේ හොර කඩ සෙට් එක හදල තියෙන්නේ නගර සභාවට සම්බන්ධ විවිධ රාජකාරි කරන අය කියලත් ආරංචියි. කොහොමද ඒක.

දැන් අපට අහන්න තියෙන්නේ කොමසාරිස්තුමියත් දැනුවත්ද මේව කෙරෙන්නේ කියන එකයි. මොකද එහෙම අහන්න වෙන්නේ මහදවල් නගරේ මැද බය නැතුව නගර සබාවේ සේවකරන ලංසාලාගේ ගෝලයෝ මේ විදියට කඩ ගහන්නේ කොහොමද කියන එකයි .

කොමසාරිස්වරිය ක්‍රියාත්මක වුනොත් ලංසා පවුලේ ලයිසන් චණ්ඩින්ට හොදටම රිදෙන්න දෙන්න පුලුවන් හොදම අවස්ථාව මේක.
අප බලමු කොමසාරිස්තුමියට කෙවිට අතට ගනියිද කියල ?