ඔබේ පාටි එක ලස්සනට ගන්න යන්න රොලංකා වෙත

0
203

 

වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලන්කා බොජුන් හල ඔබ වෙනුවෙන් තවත් සුපිරිම තැනක් විවෘත කරලා තියෙනවා.  ඔබේ හෝ ඔබ පවුලේ කෙනෙකුගේ හෝ බර්ත් ඩේ පාටි එකක් වෙඩින් ඇනිවසරී පාටි එකක්  ඒ වගේම ගෙට්ටුගෙදර් එකක්  වැනි පොඩි පාටි ඒකක් වුනත් ලස්සනට පවත්වන්න කියාපු අපුරු තැනක් මෙතන. මේ අපූරු තැන තියෙන්නේ එහෙම නැත්නම් මේ අළුත්ම හෝල් එක හදලා තියෙන්නේ රොලංකා බොජුන්හලේ අලුත්ම ශාඛාවේ. ඒ කියන්නේ බෝලවත්ත, නයිනමඩම පාලම ගාව තියෙන රොලංකා බොජුන්හලේ පිටුපස.WhatsApp Image 2024 12 03 at 01.19.56 acd6158b
බර්ත් ඩේ පාටි, ඇනිවසරි පාටි පමණක් ම  නෙවෙයි තව ඔයාලගේ ඔෆිස් එකේ වැඩපොළේ ෆැක්ට්‍රියේ ස්ටාෆ් එකත් එක්ක ,හිතවතුන් එක්ක ඒ විතරක්ම නෙවෙයි නෑදෑයන් එක්ක එහෙම නැත්නම් ඔයාලගේ පවුලේම අයත් එක්ක සමරන වෙනත් උත්සව සඳහාද මේ තැන නම් අපූරුයි. මේ හෝල් එකේ 50 දෙනෙකුට සුපිරි සැප පහසුකම් එක්ක පාටියක් පවත්වන්න පුළුවන් වෙන විදිහට රොලංකා බොජුන්හලෙන් සියළු පහසුකම් සපයලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන තියෙන ලොකුම පහසුකම තමයි ඔයාලට  අවශ්‍ය ඕනෑම කෑම බීම ජාතියක්  ඕන විදිහකට රොලංකා බොජුන්හලේ ඉන්න දක්ෂ සූපවේදීන්ට කියලා රසට පිළියෙල කර ගන්න පුළුවන්. දන්නවානේ රොලංකා බොජුන්හල කියන්නේ දශක ගණනාවක් තිස්සේ ඉඳලා ජනතාවගේ උපරිම විශ්වාසය දිනාගත් අවන්හලක්. ඒ නිසාවෙන්ම මෙහි තියෙන කෑම බීම සියයට සීයක් පිරිසිදු බව හා සෞඛ්‍යාරක්ෂිත බව අතින් සහතික කළ හැකියි. අනිත් එක තමයි මෙතන පිළියෙල කරන කිසිම කෑම බීමකට කෘතිම රසකාරක වර්ණක යොදන්නේ නෑහැ. ඒ ගැනත් සියයට සීයක් සහතික වෙන්න පුළුවන්. රොලංකා බොජුන් හලේ පිළියෙල කරන විවිධ ආහාර වර්ග වලට යොදන්නේ දේශීයව සපයා ගන්නා  තත්ත්වයෙන් උසස් හොඳම මස් මාළු එළවළු සහ කුළු බඩු වර්ග.  ඒ නිසාම රොලංකා බොජුන්හලේ කෑම බීම වල ගුණාත්මක භාවයද  ඉතා ඉහළයි.
WhatsApp Image 2024 12 03 at 01.19.51 415ade73

ඔබේ  සාදය තියෙන්නේ දවල්ද නැත්නම් රාත්‍රි ද කියන එක විශේෂයක් නෑ.ඩිනර් එක හෝ ලන්ච් එක රොලොංකා බොජුන් හලෙන්  රසට පිළියෙල කරගන්න පුළුවන්. දේශීය ක්‍රමයට හදපු රයිස් ඇන්ඩ් කරි වගේම ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, බිරියානි, සහ ලැම්ප් රයිස් ඇතුළු දේශීය ආහාර වගේම ඉන්දියානු ,චීන සහ යුරෝපීය වැනි ඔබ කැමැති ඕනම ආහාර වට්ටෝරු රසට පිළියෙල කරලා දෙන්න රොලංකා බොජුන් හලේ ඉන්න අති දක්ෂ සූපවෙිදීන් සැදී පැහැදී සිටිනවා. ඉතින් ඔයාලා කැමති විදිහට බුෆේ ක්‍රමයට මේ කෑම බිම පිළිගන්වන්නත් පුළුවන්. ඒ වගේම ඒම අවස්ථාවට අවශ්‍ය කෝලා  වර්ග සොඩා ඇතුළු ඕනෑම සොෆ්ට් ඩ්‍රින්ක්ස් ජාතියක් ඔයාලට මෙතනදී ගන්න පුළුවන්.
ඒ වගේ  අවස්ථාවකට නැතිවම බැරි දෙයක් තමයි බයිට් වර්ග. ඉතින් චිකන් , සීපුඩ් සහ පෝර්ක් වලින් පිළියෙල කරන ප්‍රයිඩ්, ස්ටු සහ ඩෙවල් වර්ග ඒ වගේම කඩල ඩෙවල්, බොයිල්ඩ් වෙජිටබල්, එග් ඔම්ලට් සහ කොත්තු රොටි වැනි  බයිට්ස් වර්ග ගණනාවක් මෙතැනදී ඔබට කැමති විදිහකට පිළියෙල කරගන්න පුළුවන්.  ඒ වගේමයි ඔබේ ආහාර වේල  රස ගන්වන්න අවශ්‍යම පෘට් සැලඩ්, කැරමල් පුඩින්,වටලප්පන්, සහ අයිස් ක්‍රීම් ඇතුළු රසම රස ඩෙසට් වර්ග ගණනාවක්ද ඔබගේ සිතැඟි අනුව මෙතැනින් ලබා ගන්න දැන් ඔබට පුළුවන්.

ලන්ච් හෝ ඩිනර් නැතුව ගන්න  ටී පාටි වුණත් මේ ලස්සන හෝල් එකේ  පවත්වන්න පුළුවන්. ඒ වගේ ටී පාටි වලට අවශ්‍ය  පෘට් කෙක්, බටර් කේක්, චොක්ලට් කේක් ඇතුළු තවත් රසම රස කේක් වර්ග ඇතුළු ස්වීට් වර්ග වගේම සැන්විච් ,කටිලට් රෝල්ස් ,පේස්ට්‍රි වගේ ෂෝට් ඊට්ස් වර්ග එහෙම නැත්නම් කෙටි කෑම වර්ගද ඔබගේ සිතැඟි අනුව මෙතනින් පිළියෙල කරගන්න පුළුවන්.
ඉතින් ඔබේ සති අන්ත සාදය මෙතනදී පවත්වනවා නම් කැලිප්සෝ බෑන්ඩ් එකක සුමියුරු රසබර සංගීතය සහ මනහර ගීත ගයනාවන් ද විඳ ගැනීමට පුළුවන්. ඒ වගේම සති අන්තෙක නොවුනත් ඒ කියන්නේ සති මැද දිනක වුනත් ඔයාලාගේ පාටි එකට මේ කැලිප්සෝ බෑන්ඩි එක උවමනා නම් ඒකත් ඔයාලාට සපයලා දෙන්න රොලංකා බොජුන් හල  සැදී පැහැදී සිටිනවා. ඒවාගේම ඔබේ පාටි එක තවත් වරණවත් කරන නෙක නෙක වර්ණ වලින් යුත් විදුලි බුබුළු වලින් සරසාලීමටද රොලංකා බොජුන් හල සැදී පැහැදී සිටිනවා මේ සෑම දෙයක්ම ඔබගේ සිතැඟි අනුවම ඉටු කර කර දෙන්න  රොලංකා බොජුන් හල සැදී පැහැදී සිටිනවා.

මේ ලස්සන ,සහ සුවපහසු  හෝල් එකේ ඔබේ පාටි එක පවත්වන්න අවශ්‍ය සෑම දෙයක්ම සපයලා දෙන්න රොලංකා බොජුන් හල කටයුතු කරනවා. ඉතින් ඔබට ඔ්නෑකරන සැර බීම  වාගේ දේවල් ඔබේ පාටි එකට අවශ්‍ය නම් ඒවා මෙතැනට පිටතින් රැගෙන ඒමටත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අනෙකුත්  සෑම පහසුකමක්ම මෙතනින් ඔබ වෙනුවෙන් සපයලා දෙන්න සූදානම්.
සාද පවත්වන මේ ලස්සන හෝල් එක, ඒවාගේම මේ රසම රස කෑම බීම ඇතුළු මෙතැනින් සපයන අනෙකුත් සෑම පහසුකම් සහ සේවාවන් සදහා අය කරන්නේ  නම් බොහෝම සාධාරන  මිළ ගනන් සහ අයකිරීමි. ඒක තමයි මෙතන තියෙන ලොකුම විශේෂත්වය සහ වෙනස. අපිට වියදම් කරන්න පුළුවන් බජට් එකකට මෙතන ඉන්න අයත් එක්ක කතා කරලා අපේ පාටි  එක අරරෙන්ජ් කර ගන්න දැන් අපිට පුළුවන්.

විස්තර සඳහා අමතන්න.
‍ රොලංකා බොජුන්හල
(නයිනමඩම පාලමට නුදුරින්)

 

විස්තර සඳහා අමතන්න – 077 722 6154
076 478 3283

WhatsApp Image 2024 12 03 at 01.19.54 a8d62ef6WhatsApp Image 2024 12 03 at 01.19.55 a8fc3cf8WhatsApp Image 2024 12 03 at 01.19.54 d6c3087cWhatsApp Image 2024 12 03 at 01.19.39 e2428ced

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here