පාස්පෝට්  චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මීගමුවේදි…

0
275
මනුෂ්‍යත්වයට එහා ගිය යුරෝපා සිහිනයේ යුරෝ සහ ඩොලර් තුළ අතරමං වූ විඳින, විඳවන තරුණ ජීවිතවල සත්‍ය වු ඇතුලාන්තය විදහා දැක්වෙන නවතම පාස්පෝට් චිත්‍රපටයේ වි⁣ශේ්ෂ දර්ශනයක් ඊයේ (03/12/2024) .
මීගමුව,ඇක්වා ලයිට් (AQUA LITE) හෙවත් පැරණි ඇන්ඩෲ සිනමා ශාලාවේදී පැවැත්විණි .

සෑම දිනකම මෙම සිනමා ශාලාවේදී දහවල් 12.30 ට ඇති දර්ශන වාරය තුළින් පෙු්ක්ෂකයන්ට මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවී තිබේ.

WhatsApp Image 2024 12 04 at 13.40.19 270f1486

මෙම විශේෂිත ආරාධිත දර්ශන වාරය සඳහා පාස්පෝට් චිත්‍රපටියේ අධ්‍යක්ෂක මෙන්ම එහි තිර නාටකය රචනා කළ ක්‍රිෂ් ඇන්ටනී සහ එහි ප්‍රධානතම චරිතය වන අමරගේ චරිතයට පණ පොවන ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී ජගත් චමිල ඇතුළු පිරිසක් සහභාගි විය.

එලෙසම චිත්‍රපට කලාවට මෙන්ම සෞන්දර්ය කලාවට ලැදි මීගමුව පුරවරයේ වෙසෙන මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් මෙම විශේෂිත දර්ශන වාරය සඳහා ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

ගෙවී ගිය දශක කිහිපයේ මෙන්ම වර්තමානයේද මෙරට තරුණයන්ගේ පොදු ප්‍රවණතාවයක් බවට පත්ව ඇති රැකියාවන් සඳහා යුරෝපාකරයට සංක්‍රමණය වීම පාදක කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ. එලෙස යුරෝපාකරයට සංක්‍රමනය වීමේදී අනීතිකව සිදුවන ක්‍රියාවලියක තවත් පැතිකඩයන් කිහිපයක්ම මෙම චිත්‍රපටය තුළ විදහා දැක්වේ. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් යුරෝපාකරයට සංක්‍රමණය වීමට යාමේදී කූඨ ජාවාරම්කරුවන්ගේ සටකපටකම් හමුවේ මංමුලාවන මෙරට තරුණයන්ගේ තවත් එක් ජීවිත පැතිකඩක්ද මේ චිත්‍රපටය තුළින් පිළිබිඹු වේ.

ත්‍රාසය ,කුතුහලය, සහ සිනහව තුළ දෝලනය වෙමින් දිගහැරෙන අමරගේ සහ නිලාගේ ආදරය සහ ඔවුන් අතර ඇතිවන සදාතනික බැඳීම එලෙසම ඔවුන් පෙළෙන සමාජ ගැටළු මෙන්ම ආර්ථික දරිද්ධතාවය පිළිබඳවද වෙනමම අර්ථකථනයක් මෙම චිත්‍රපටයට තුලින් විද්‍යමාන කර ඇත.

පාස්පෝට් චිත්‍රපටය එහි අධ්‍යක්ෂක ක්‍රිෂ් ඇන්ටනිගේ කුළුඳුල් සිනමා නිර්මාණය ද වේ. ප්‍රතිභාපූර්ණ රංග ශිල්ප ශිල්පිනියන් වන ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා , නයනතාරා වික්‍රමාරච්චි, දර්ශන් ධර්මරාජ් (නැසීගිය), රොෂාන් පිලපිටිය, මල්කාන්ති ජයසිංහ සහ ප්‍රියන්ත සෙනවිරත්න ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.

ඊයේ සවස පැවති පාස්පෝට් චිත්‍රපටයේ විශේෂිත දර්ශනය සඳහා සහභාගි වූ අධ්‍යක්ෂක ක්‍රිෂ් ඇන්ටනී රැස්ව සිටි පිරිස හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කලේ පසුගිය කාලය තුළ අනීතිකව මුහුදු මාර්ගයෙන් නොවෙසේ නම් බෝට්ටුවෙන් රැකියාවන් සඳහා යුරෝපයට සංක්‍රමණය වී ඇති තරුණයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මීගමුව පුරවරයේ සහ ඊට ආසන්නයේ ඇති වෙන්නප්පුව පුරවරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් ගොස් ඇති බවයි.

එනිසා මෙම චිත්‍රපටය මේ ප්‍රදේශවල තරුණයන්ගේ පොදු කතාවක් බවත් මෙම චිත්‍රපටය මේ ප්‍රදේශයේ සියලුම ජනයා නැරඹිය යුතුම චිත්‍රපටයක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී රංගන ශිල්පී ජගත් චමිල ඇතුළු ආරාධිතයින් කිහිපදෙනෙකුම අදහස් පල කලහ.

WhatsApp Image 2024 12 04 at 13.40.00 5f0ab759
චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිෂ් ඇන්ටනී සහ රංගන ශිල්පී ජගත් චමිල

WhatsApp Image 2024 12 04 at 13.42.53 95801438

WhatsApp Image 2024 12 04 at 13.41.50 3f98db51
ගරු කුසුම්සිරි පියතුමා
WhatsApp Image 2024 12 04 at 13.41.04 583d47e9
මීපුර වෙබ් අඩවියේ කතෘ – ප්‍රෙඩී ගමගේ

ශ්‍රී ලංකාවේ අලංකාරවත් කොස්ලන්ද ප්‍රදේශයේ මෙන්ම ඉතාලියේ නගර ගණනාවක ද එලෙසම ඉන්දියාවේ පාකිස්තානු දේශසීමාව අසල කලාපයේද රූපගත කර ඇති පාස්පෝට් චිත්‍රපටය “අවුරා ලංකා එන්ටර්ටේයිමන්ට්” වෙනුවෙන් වෛද්‍ය විරංජිත් තාඹුගල විසින් නිෂ්පාදනය කර ඇත.

අති දැවැන්ත නිර්මාණයක් වූ “පාස්පෝට්” නම් මේ නවතම සිංහල චිත්‍රපටය වායු සමනය කළ, ස්ටීරියෝ ඩොලබි සිස්ටම් ශබ්ද තාක්ෂණය තුල සුව පහසු ලෙස නැරඹීමට, නවීකරණය කරමින්, වැඩි දියුණු කළ මීගමුව, ඇක්වා ලයිට් සිනමාහලට පැමිණෙන්නයි මීගමුව සහ මීගමුව නගරය ආශ්‍රිත වෙසෙන සියලු දෙනාට මෙලෙස ආරාධනය කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here