spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නත්තල් පොළේ කඩවල් වැඩිගාණට විකුනන අතරුමැදියෝ ?

Must read

( 3.00 pm ) මීගමුව කියන්නේ  ලංකාවේ ප්‍රධානතම කතෝලික නගරයක් වුනත් අන්ත දුෂිත ක්‍රියා සිදුවන එකක් හැටියට තමයි කප් ගහල තියෙන්නේ.
මිගමුවට මේ වංචා දුෂණ සංස්කෘතිය බිහිකෙරුවෙම  දැනට දශකයකටත් වඩා මිගමුව පාලනය කරපු අන්ත දුෂිත දේශපාලනය හින්ද .
මේ දුෂිත බව දේශපාලනය තුල විතරක් නෙමෙයි අනෙකුත් ක්ෂෙත්‍රවලටත් පැතිරිලා. හොරකම වංචාව කිසිදු බියක් සැකයක් නැතුව කරන්න රාජ්‍ය ආයතන වල ඉහල නිලධාරින් පවා පේ වෙලා .
ඒකනේ සති දෙකක් ඇතුලත මිගමුවේ පොලිස් කොට්ටාශයේ නිලධාරින් තුන්දෙනෙක්ම අත්අඩංගුවට පත්වෙන්නේ .
අනික නිකමට හොයල බලන්න මිගමුවේ මහනගර සභාවේ සමහර TO ල  PHI  අතර පවා පට්ට දුෂිතයෝ බිහිවෙලා. මේ අයගේ කෝටි ගණන් වියදම් කරල හදපු ගෙවල් ගැන විතරක් හොයල බලන්න

මේ විදියට දුෂණය වංචාව පැතිරිලා ගිය නගරයක් ලංකාවේම නැතුව ඇති කියලත් වෙලාවකට හිතෙනය.
මේ හින්දම මෙදා සැරේ නත්තල් පොලේ ඇත්ත ආදයම නගර සභාවට ලැබෙන ක්‍රමයක් හැදුනා. හැබැයි වංගු ගහන දුෂිත අතර මැදියෝ ඒත් නිකත් හිටියේ නැ.

10×10 කඩයක් රුපියල් ලක්ෂයකට ටෙන්ඩරයෙන් අරගෙන ඒක ගාණක් තියාගෙන විකුණනව .
මේව නවත්වන්න පුලුවන් කාටද ? කාටවත් බෑ. නත්තල කාලේට අව්වේ වේලි වේලි කියක් හරි හොයාගන්න වෙළෙන්දෝ මහන්සි වෙද්දි කිසිම මහන්සියක් නැතුව ගාන කපාගෙන නත්තලට සැප ගන්න දුෂිත කුප්‍රකට අතරමැදියෝ සෙට් එක මෙදා සැරෙත් ගේමට බැහැල.

හැබැයි මේ නගරය මැද තියෙන වැඩකරන්නේ නැති ඔරලෝසු කණුවේ  උඩ තියෙන්නේ දේවමෑණියන්ගේ පිළිරුවක් . මරු වැඩේ කියන්නේ ඒක ට අනුග්‍රහය දක්වල තියෙන්නේ අංක එකේ දුෂිත දේශපාලකයෙක්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article