( 10.30 am ) සමාජ සංවිධානයක් මීගමුව නගරයේ ඇති ඔරලෝසු කනුවට ඩිජිටල් ඔරලෝසුවක් සවිකර ජනතාවට නිවැරදි වෙලාව බලා ගැනීමට අවස්ථාවක් එදා ලබා දි තිබුනි.
කොමසාරිස් පාලන සමයේ සිදුවූ මෙම සමාජ මෙහෙවරට අත හිතදෙමින් නගරයේ වෙළද ව්‍යාපාරිකයකු මෙම ඔරලෝසුවේ විදුලි බිල මාසිකව ගෙවීමටද එකගවී තිබුනි.
එම කටයුත්ත හොදින් සිදුවුනි.
පසුව මරිය මව්තුමියේ ප්‍රතිමාවක් ඇති බැවින් මෙම ඔරලෝසු කනුවේ නඩත්තු කටයුතු වගකීම තමන්ට දෙන ලෙස ම්ගමුවේ එක්තරා ප්‍රධාන කතෝලික පල්ලිය ඉල්ලා තිබුණි
තිල්ලන්දුව පල්ලියේ මිසම් සේවක පියතුමාගේ ඉල්ලිමක් මත ඔරලෝසු කණුය මුදුනතෙහි දයාන් ලංසා විසින් මෙම දේවමැනියන්ගේ ප්‍රතිමාව මෙහි ස්ථාපිත කර තිබුණි .කලක් සෙලින්කෝ ආයතනය විසින් ද මෙහි නඩත්තු කටයුතු කරගෙන ගොස් ඇත
විදුලි බිල ගෙවා නැති නිසා අඩ පණ වු ඩිජිටල් ඔරලෝසුව
තතු එසේව තිබියදි කිසිදු එකගතාවයකින් තොරව ඩිජිටල් ඔරලෝසු කනුවේ වගකීම එදා නගර සභාව පල්ලියට පවරා ඇත.
එකල පළාත් පාලනය නිතිය යනු පවුලක් කැමැත්ත ලෙසින් ක්‍රියාත්මක වු යුගයක් විය.
එහෙත් පල්ලිය වගකීම බාර ගත් දිනයේ පටන් ඔරලෝසු කනුවේ මාසික විදුලිබිල ගෙවා තිබුනේ නැ. නඩත්තු වගකීම බාර ගත්තේ පල්ලිය නම් විදුලිබිල ගෙවිය යුත්තේ පල්ලියයි.
එහෙත් පල්ලිය නගර සභාව සමග එවැනි එකගතාවයකට පැමිණ නැති බව එහෙන් පසුව තැන තැන ප්‍රකාශ විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා දයාන් ලංසාගේ තනි කැමැත්ත මත සිදූව තිබුණි.
නගරාධිපතිගේ හිතුවක්කාර තීරණ නිසා ලක්ෂ ගණනක් වැයකර ස්ථාපිත කර ඇති මීගමුව නගරයේ ඩිජිටල් ඔරලෝසු ව දැන් අපිට වෙලාව කියන්නේ නැත.
මීගමුව නගරයට අනන්‍ය සංකේතයක් බඳු වූ නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව සතර අතට වේලාව සනිටුහන් කළ ඔරලෝසු සතර දැනට වසර ගණනාවක් තිස්සේ අක්‍රිය වී පැවතිණි. මේ පිළිබඳව අප වෙබ් ප්රවෘත්ති අඩවිය මගින්ද වතා කිහිපයකදීම වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සඳහා ප්‍රවෘත්තීන් පළ කරන ලදී.
එහෙත් වසර ගණනාවක් ඉක්ම ගියත් මෙහි කිසිදු ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු නොවුණි. තතු මෙසේව තිබියදි දැන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹි තිබේ. ඒ අනුව ඔරලෝසු කණුව වටා වූ සිමෙන්ති බැමි ගලවා එය එම මාර්ගවලට තවත් ඉඩ ලැබෙන පරිදි වටරවුම ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භා තිබේ.
එමෙන්ම සතර අතට වේලාව සනිටුහන් කිරීමට ඔරලෝසු සතරද මේ අනුව අලුත් වැඩියා කිරිමට නියමිත අතර මෙය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කිසිදු ව්‍යාපාරික ස්ථානයකට පවරා නොමැත. මහා නගර සභාවේ ප්‍රතිපාදනවලින් පමණක්ම මෙහි සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිමට සැලැසුම් කරඇතැයි දැනගන්නට ලැබුනේ එවිට කිසිදු වෙළඳ ආයතනයක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට ඉඩක් නොමැති නිසා බවද අප කළ විමසුමකදි නාගරික කොමසාරිස්වරිය වැඩිදුරත් පවසා සිටියාය
හිටපු නගරාධිපතිවරයෙකු වන දයාන් ලංසාගේ මෝඩ තිරණ නිසා අක්‍රීය තත්වයකට පත්ව ඩිජිටල් ඔරලෝසුව යළිත පණ ගැන්විමට වත්මන් නාගරික කොමසාරිස්වරිය දැන් පියවර ගෙන තිබේ