රි-ලෝඩ් මැජික් හොරු දැන් හැමතැනම..??

0
174

 

මෑත කාලය වන විට මාධ්‍ය වගේම නොයෙකුත් තාක්ෂණීක මෙවලම් උපයෝගී කරගෙන සල්ලි හෙවීම දැන් සුලබ දෙයක් වී ඇත.
දැන් රේඩියෝ ඇහුවත් පෝන් එකට රීලෝඩ් දැම්මත් සැනකින් මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.
නමුත් මේ ළගදී දවසක එකපිට සිදුවු සිදුවීම් කීපයක් නිසාම මෙවැනි ක්‍රියාවලට දෙවරක් සිතාබලා මුහුණදීම වටියි.
සිද්ධිය කෙටියෙන් මෙසේයි.

විවිධ දුරකථන ජාල වලින් හදුන්වා දී ඇති මෙම රීලෝඩ් තරගය නිසා, මේවා තමන්ට සල්ලි ලබාගැනීමට උත්සහ දරණ පිරිස්වලට කදිම තෝතැන්නක් වී තිබේ. කිසියම් දුරකථන නොම්මරයකට කතා කරන මෙම සොරැන් …….ඕගොල්ලන්ට මේ නොම්බරයට රු. 10000 ක දිනුමක් ඇදී තිබෙන බවත් ඉක්මනින් ඔබේ හැදුනුම්පත හා එහි කොපියක් ඔවුන් දෙන අංකයට  ෆැක්ස් කරන ලෙසද තවත් අයට තැපැල් කරන ලෙස ද දන්වයි.
පුදුමයට කරැණ වන්නේ මෙම දිනුම (අපි හිතමු රු 10000 කියලා) ලබාගන්නට නම් රු 5000 ක් ඊසි කෑෂ් කළ යුතු වීමයි.
මෙම බොරුවට හසුවුණ අහිංසක මිනිසුන් නැතිවාම නොවේ. එමනිසා මේ දිනවල මීගමුව අවට මෙන්ම වැලිසර, කිරිබත්ගොඩ ආදී පෙදෙස් වල පැතිර යන මෙවැනි වංචා සහගත දුරකථන ඇමතුම් වලින් පරිස්සම් වන ලෙස කියමි.
නැතිනම් ඉදිරියේදී රීලෝඩ් දාන්නට ගේදොර සේම කණකර උගසට තියන්නට සිදුවනු ඇත.

සටහන- ඩිලාන් දමිත